Colombo Today Local News

සමාජ ජාලා අඩස්සිය තව දුරටත්…

මහනුවර දිස්ත්‍රික්කයේ පැතිර ගිය මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියාවලින් අනතුරුව පනවනු ලැබ තිබෙන සමාජ මාධ්‍ය ජාල තහනම ඉවත් කරන දිනයක් පිළිබඳව ආණ්ඩුව මෙතෙක් තීරණයකට එළැඹ නොමැති බව වාර්තා වෙයි.

සමාජ මාධ්‍ය ජාල හරහා වෛරී ප්‍රකාශන මෙන්ම ප්‍රචණ්ඩත්වයට රුකුල් දෙන තොරතුරු හුවමාරු වීම මත සමාජ මාධ්‍ය ජාල අවහිර කිරීමට ආණ්ඩුව තීරණය කළේ පසුගිය 7 වනදා ය.

එහිදී නිවේදනයක් නිකුත් කරමින් විදුලි සංදේශ අමාත්‍ය හරින් ප්‍රනාන්දුද කියා සිටියේ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් මෙම “අතිවිශේෂ එහෙත් තාවකාලික” පියවර ගෙන ඇති බවය.

අදාළ අත්හිටුවීම පැය 72ක කාලයක් සඳහා බලපවත්වන බව ආණ්ඩුවේ පාර්ශව වෙතින් සඳහන් වුවත් සෙනසුරාදා (10) මධ්‍යම රාත්‍රිය වන විටත් සමාජ මාධ්‍ය ජාල තහනම ඉවත්කොට තිබුණේ නැත.

Related posts

තලංගම හෝටලයක කාන්තා මළ සිරුරක්

Admin

පිටකොටුව මගේ බලකොටුවක් – ෆයිසර් මුස්තාපා

colombotoday

මේ රට ගොඩනැගිය හැක්කේ හොරකම් නොකරන ජවිපෙ අපට පමණයි…

colombotoday

සුදු නෙළුමට පසුව එන බ්‍රදර් චාල්ස් ගේ ධර්ම බජව්ව

colombotoday

දිවයින මාධ්‍යවේදී සමන් ගමගේ මහ රෑ ඇවිත් CIDයෙන් අරන් යයි !!

colombotoday

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතය ගැන බ්‍රිතාන්‍යය මෙරට බලධාරීන්ගෙන් ඉල්ලීමක්

colombotoday