Colombo Today Local News

සම්බන්ධන් ඇතුළු පිරිස ගිය වාහනවලට සෙරෙප්පුවලින් පහර දෙති

අතුරුදන් වූවන්ගේ ඥාතීන් ආර්. සම්බන්ධන් මහතා ඇතුළු දේශපාලන පක්ෂ නියෝජිතයින් ගමන්ගත් නිල රථවලට ඊයේ (03) සවස සෙරෙප්පුවලින් පහරදීමට උත්සහ කළ බව පොලිසිය කියයි.

ජනාධිපතිවරණයේදී සහ‍යෝගය ලබාදෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම පැවැත්වීමෙන් අනතුරුව දෙමළ ජාතික සන්ධාන නායක ආර්.සම්බන්ධන් මහතා ඇතුළු පිරිස රැස්වීම පැවැත් වූ හෝටලයෙන් පිටවීමේදී මෙලෙස පහරදීමට උත්සහ කර ඇති බව පොලිසිය සඳහන් කළේය.

අතුරුදන්වූවන්ගේ ඥාතීන් දෙමළ ජාතික සන්ධානයට බැණ වඳිමින් පවසා ඇත්තේ ආර්. සම්බන්ධන් මහතා දෙමළ ජනතාවගේ ඡන්දයෙන් පත්වී දෙමළ ජනතාවගේ ගැටළු විසඳීම පැහැරහරිමින් දේශපාලන වාසි ලබා ගැනීම වෙනුවෙන් රටේ ජනාධිපතිවරුන් පත් කිරීමේ උත්සහයක මේ වන විට නිරත වන බවයි.

වවුනියාවේ අතුරුදන්වූවන්ගේ ඥාති එකමුතුවේ සභාපතිනිය වන කාසිපිල්ලෙයි ජයවනිතා මහත්මිය තමන් පැළඳ සිටි සෙරප්පුවක් රැගෙන නිලරථවලට පහරදීමට උත්සහ කිරීමේදී ඇය සහ පොලිසිය අතර උණුසුම් තත්වයක් පැන නැගිණි.

අතුරුදන්වූවන්ගේ ගැටළුවට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලීම් කිරීමට සම්බන්ධන් මහතා ඇතුළු දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින් හමුවීමට අතුරුදන්වූවන්ගේ ඥාතීන් උත්සහ කළද එයට පොලිසිය අවසර ලබානොදුන් අතර එහිදී එම ස්ථානයේ දී දෙපාර්ශවය අතර නොසන්සුන් තත්වයක් හට ගත්තේය.

අනතුරුව සාකච්ඡාව අවසන්කර පැමිණෙන නායකයින් වෙත මාර්ගයේ ඉඩ ලබාදීම සඳහා පොලිසිය දැඩි පරිශ්‍රමයක් ගත්තේය.

පොලිසිය අදාළ පිරිස ඉවත්කිරීමට කටයුතු කිරීමෙන් පසු දේශපාලන නායකයෝ නිල රථවලින් පිටත්ව ගියහ.

Related posts

ප්‍රදේශ කිහිපයකට තද වැසි

colombotoday

GSP+ ගන්න රටට අනතුරුදායක කොන්දේසි 58කට රජය එකග වෙයි !

colombotoday

විභාග කල්දමා විෂය නිර්දේශ ආවරණය කිරීමට අවස්ථාව ලබාදෙන්න – විපක්ෂ නායකයා ඉල්ලයි

colombotoday

සමලිංගික පෙම දෙදරයි, “පෙම්වතාට” පිහියෙන් ඇන “පෙම්වතා” වස බොයි

colombotoday

ඊශ්‍රායලයේ රැකියාවලට යන ශ්‍රී ලාංකිකයින් ගැන තීරණයක්

Admin

ඉන්දියාව ශිවාජිලිංගම්ට වීසා ලබාදීම ප්‍රතික්ෂේප කරයි

colombotoday