Colombo Today Local News

සජිත් – රවී ගැටුම අගමැති හමුවට

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සහ නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා සහ පක්ෂ උපනායක, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක යන මහත්වරුන් ප‍්‍රසිද්ධියේ එකිනෙකාට එරෙහිව ප‍්‍රකාශ කිරීම සම්බන්ධයෙන් මැදිහත්ව කඩිනම් පියවරක් ගන්නා ලෙස ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත‍්‍රීවරු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කළහ.

ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත‍්‍රීවරුන් අග‍්‍රාමාත්‍යවරයාගෙන් මෙම ඉල්ලීම කරනු ලැබුවේ කොළඹ අරලියගහ මන්දිරයේදී ඊයේ (18) උදෑසන අග‍්‍රාමාත්‍යවරයා හමුවූ අවස්ථාවේදීය.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායකවරයාත් උපනායකවරයාත් එකිනෙකාට ප‍්‍රසිද්ධියේ දෝෂාරෝපණය කිරීම පක්ෂයේ සමගියට කරන අතිශය නරක පූර්වාදර්ශයක්යැයි අග‍්‍රාමාත්‍යවරයා හමුවේ කරුණු දැක්වූ ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත‍්‍රීවරු පෙන්වා දුන්හ.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස සහ පක්ෂ උපනායක රවී කරුණානායක යන මහත්වරුන්ගෙන් පක්ෂයට ගත හැකි සේවය උපරිමයෙන් ගතයුතු බව අග‍්‍රාමාත්‍යවරයා හමුවේ පෙන්වාදුන් ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත‍්‍රීවරු ඒ සඳහා වහාම මැදිහත්ව සුදුසු ක‍්‍රියාමාර්ගයක් ගන්නැයි වැඩිදුරටත් ඉල්ලූහ.

ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත‍්‍රීවරුන්ගේ ඉල්ලීමට සාවදානව කන්දුන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ලබන සතියේදී තමන් මෙම ප‍්‍රශ්නය විසඳීමට ක‍්‍රියාකරන බව ප‍්‍රකාශ කළේය.

Related posts

ඉතාලියේ සිටියදී රෝග ලක්ෂණ තියෙද්දී, පැනඩෝල් බීලා ලංකාවට ආ දෙදෙනෙකුට කොරෝනා…. නිරෝධායනයට විරුද්ධව ගුවන්තොටුපළේදීත් යකා නටලා !

colombotoday

උතුරේ සිට දකුණටත්, බස්නාහිර සිට නැගෙනහිරයටත් ඉතිහාසයේ නොවූවිරූ සංවර්ධනයක් උදාකරනවා

colombotoday

“ඔළුවේ මෝටාර් කෑල්ලක්‌ නිල ඇඳුමේ රණශූර පදක්‌කමක්‌ තියාගෙන මං එල්ලුම් ගහ දිහා බලාගෙන ඉන්නවා” රණවිරු සුනිල් රත්නායක

colombotoday

ලංකාදීපයේ රොත්තක් බැදුම්කර පත්තරේට !!

colombotoday

වික්ටෝරියා ජලාශයේ නාඳුනන මළ සිරුරක්

colombotoday

නාරාහේන්පිට පොලිස් පිරවුම්හලේ 121ට ඉන්ධන ලබා දීම ගැන පරීක්‍ෂණයක් කරනවා – ඇමැති කංචන විජේසේකර

colombotoday