Colombo Today Local News

සජිත් මුහුදු මහා විහාරය මගහරින්නේ ඇයි?

මුහුදු මහා විහාරයට ආසන්නව පිහිටි බෝධිරාජාරාම විහාරස්ථානයට පැමිණි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මේදිනවල ගැටලුව රැසකට මුහුණ පා සිටින මුහුදුමහා විහාරය මගහැර යන්නේ ඇයි? යැයි මුහුදු මහා විහාරාධිපති පූජ්‍ය උඩමලත්තේ රතනප්‍රිය හිමියන් ප්‍රශ්න කර සිටියි.

උන්වහනේසේ මේ බව පැවසුවේ අද (02) කොළඹ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පූජ්‍ය උඩමලත්තේ රතනප්‍රිය හිමියන්,

මුහුදු මහා විහාරය පුරාවිද්‍ය සාක්ෂි සමග අක්කර 72 ක් 1951-01-26 දින සෙනරත් පරණවිතාන මහතා විසින් පුරාවිද්‍යා භූමියක් බවට ගැසට් කර ඇත. පසුව 1965-05-28 දින අක්කර 30 ක් මුහුදු මහා විහාරයට වෙන් කරනවා. පසුව කලින් කලට විහාරයට අයත් බිම් කොටස් මුස්ලිම් ජනතාව විසින් අල්ලා ගෙන තියෙනවා. දැන් ඉතිරිවෙලා තියෙන්නේ අක්කර 08-10 ත් අතර පුමාණයක් පමණයි.

මේ වෙන කොට තවත් බිම් කොටස් හිටපු ප්‍රාදේශීය ලේකම්ගේ අනුදැනුමින් අල්ලා ගනිමින් යනවා. බලධාරීන්ට දැනුවත් කළත් මෙතෙක් පියවරක් අරගෙන නෑ.

මේ දිනවල කතාබහට ලක්වෙන විහාරය අසල වැලි කදු කපලා ඒ වැලි ගොඩ ගහලා තියෙන්නේ පොතුවිල් ප්‍රාදේශීය සභාවේ සභාපතිගේ ගෙදර. මේවා ගැන බලධාරීන් බලන්නේ නැත්තේ ඇයි. යැයි වැඩිදුරටත් පවසන ලදි.

Related posts

මාර්තු මස සිට පොහොර නොමිලේ.. කැබිනට් අනුමැතිය ලැබේ !

colombotoday

කිඹුලපිටියට කඩා වැටුණු ගුවන් යානයේ තොරතුරු( Photo)

colombotoday

මේ ආණ්ඩුවෙන් ගොඩගියේ තුන්දෙනයි.. ඒ අර්ජුණ්ගෙ බෑණයි.. තාජුඩීනුයි, ලසන්තයි – විමල්

colombotoday

ජනතාව බදු ගින්නේ.. 2017 නව වසරට මුදල් අමාත්‍යාංශයෙන් ගිනිකෙළි සංදර්ශනයක් !

colombotoday

ඇමති බලතල අවභාවිතා කරලා.. මුදල් ඇමති රවීට නඩු

colombotoday

අලුත් පක්ෂයේ නම මහින්ද මුල් වරට හෙළි කරයි !

colombotoday