Colombo Today Local News

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 69වන අභිමානවත් සංවත්සරය අදයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 69 වන අභිමානවත් සංවත්සරය අදට(09) ට යෙදී තිබේ.

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාව ලෙසින් 1937 වසරේ දී පළමුව ස්ථාපිත කරන ලද නාවික හමුදාව, දෙවන ලෝක යුද්ධයෙන් පසුව ශ්‍රී ලංකා රාජකීය ස්වේච්ඡා නාවික උපසේවය නමින් බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාව වෙත අන්තර්ග්‍රහනය කර ගෙන ඇත.

ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයෙන් නිදහස ලැබීමෙන් පසුව, ශ්‍රී ලංකා රාජකීය නාවික හමුදාව ලෙස 1950 දෙසැම්බර් මස 09 වන දින ස්ථිර නාවික හමුදාවක් ස්ථාපිත කළ අතර, මෙම රාජකීය නාවික හමුදාව 1972 වසරේ ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්වීමෙන් පසුව ශ්‍රී ලංකා නාවික හමුදාව බවට පත්විය.

ඉතා සීමිත නැව් මුළුවක් සහ යාත්‍රා කිහිපයකින් පමණක් ආරම්භ වූ ශ්‍රී ලංකා නවික හමුදාව, අද වන විට නිලධාරීන් 3347 කින් සහ නාවිකයින් 47457 කට ආසන්න ප්‍රමාණයකින් සමන්විතව අධිතාක්‍ෂණික ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකා මෙන්ම අධිතාක්‍ෂණික මෙහෙයුම් පද්ධති සහ උපකරණවලින් සමන්විතව අප මාතෘභූමිය ආරක්ෂා කරමින් සිටියි.

එසේ දේශයේ පළමු ආරක්ෂක වලල්ල ලෙසින් ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා නාවික හමුදාව සිය අභිමානවත් 69 වන සංවත්සරය අද දින මහත් අභිමානයෙන් සමරනු ලබයි.

දශක තුනකට ආසන්න කාලයක් මාතෘ‍භූමිය වෙලාගත් ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම සඳහා සක්‍රීයව සිදු කළ දායකත්වය තුළින් ලද අත්දැකීම් සහ පන්නරය, නාවික හමුදාව සහ නාවික පුද්ගලයින්ගේ සීඝ්‍ර ගුණාත්මක සහ ප්‍රමාණාත්මක වර්ධනය සඳහා මහත් පිටිවහලක් විය.

විශේෂයෙන් දශක තුනක යුද්ධය සඳහා සක්‍රීයව දායකවීම හේතුවෙන් මාතෘභූමිය වෙනුවෙන් දිවි පුද කළ, පූර්ණ සහ අර්ධ ආබාධිත තත්වයට පත් වූ නාවික රණවිරුවන් සහ ඔවුන්‍ගේ පවුල්වල සාමාජිකයින්ගේ සුභසාධනය සඳහා සිදු කරනු ලබන සුභසාධන ව්‍යාපෘති පුළුල් කිරීමත්, වෘත්තීය නිපුණතා‍වයෙන් යුතු මානව සම්පත රජයේ විවිධ සංවර්ධන ව්‍යාපෘති සඳහා දායක කර රටේ සංවර්ධනය උදෙසා විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ  සහය වීමත් හේතුවෙන් නාවික හමුදාවේ කාර්යභාර්ය වඩාත් පුළුල් වී ඇත.

ඉතා උසස් මානසික ඒකාග්‍රතාවයකින් යුක්තව තම රාජකාරිය මව්බිම වෙනුවෙන් ඉටු කිරීමට අවශ්‍ය පරිසරය නාවික හමුදාව තුළින්ම නිර්මාණය කර ඇත.

ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් පූර්ණ වගකීම පැවරී ඇති නාවික හමුදාව, ගොඩබිම මෙන් 8 ගුණයක් පමණ වන අනන්‍ය ආර්ථික සාගර කලාපය ආරක්‍ෂා කිරීම මෙන්ම ගොඩබිම මෙන් 27 ගුණයකින් යුක්ත වු සාගර කලාපයක මුදවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම ද ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදුකරනු ලබයි.

තවද, රටේ ප්‍රධාන වරායන්ද ඇතුලුව දිවයින වටා වෙරල තීරයේ ආරක්‍ෂාව සම්බන්ධ වගකීම ද නාවික හමුදාව සතුවෙයි.

විශේෂයෙන්ම අප සාගර කලාපය හරහා සිදුවිය හැකි මිනිස් ජාවාරම්, මත්ද්‍රව්‍ය ජාවාරම්, නීති විරෝධී වෙළඳාම, තහනම් අවි හුවමාරුව, නීති විරෝධී ධීවර කටයුතු ආදී විවිධ වූ නීති විරෝධී ක්‍රියාකාරකම් මැඩලීමට නිරන්තර සාගරික මුර සංචාරයන් ඉතා වැදගත් වන අතර, නාවික පුද්ගලයන් දිවා රාත්‍රී නොබලා තම වගකීම් ඉටු කරමින් සාගරික මුර සංචාරයන් නොනවත්වා සිදුකිරීම තුළින් ඉතාමත් ඵළදායී ප්‍රතිඵල නෙලා ගැනීමට පසුගිය වකවානුව තුළදී නාවික හමුදාව සමත් විය.

ශ්‍රී ලංකා නාවික හමුදාව සමුද්‍රීය ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරනු ලබන කොටස්කරුවන් සමඟ නිරන්තරවම සහයෝගීතාවයෙන් කටයුතු කරන අතර, ඒ සඳහා 2010 වර්ෂයේදී ආරම්භ කළ “ගාලු කතිකාව” අන්තර් ජාතික සාගරික සම්මන්ත්‍රණය ඉතා හොඳ අවස්ථාවක් වී ඇත.

එමගින් සාගරික සහයෝගීතාවය තුළින් කලාපීය සාගරය හරහා සිදුවන නීති විරෝධී කටයුතු සම්බන්ධ තොරතුරු හුවමාරු කර ගැනීමට අවස්ථාවක් උදාවී ඇති අතර, නීති විරෝධී කටයුතු පාලනයට ද මහඟු පිටිවහලක් වී ඇත.

නාවික හමුදාව සතුව පවතින විවිධ ප්‍රහාරක බලඝණවලට අමතරව විවිධ කාර්යයන් සඳහා ප්‍රවීණත්වය ලැබු බලඝණ කිහිපයක්ම තිබේ.

ගොඩබිම, ගුවන මෙන්ම සාගරික සංග්‍රාම සඳහා පුරෝගාමී වූ විශේෂ යාත්‍රා බලඝණය, වෙරළ ආශ්‍රිත නාවික සංග්‍රාම සඳහා පිහිටුවා ඇති ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණය මෙන්ම සුවිශේෂී හැකියාවන්ගෙන් සහ දක්ෂතාවයන්ගෙන් පිරිපුන් භූ ජල තරණ ක්‍රියාන්විතයන් සඳහා විශේෂ පුහුණුවක් ලබා ඇති නාවික හමුදා මැරීන් බලඇණිය මේ අතරින් සුවිශේෂ වේ. මෙම බලඇණි රටේ හදිසි ආපදා තත්වයන්වලදි ජනතාවට සහායවීම සඳහා සිදු කරනු ලබන සේවය ජනතාවගේ නිබඳ ඇගයීමට ලක් වී ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාව විවිධ වූ ස්වාභාවික ව්‍යසනයන් තුළදී ඉතාමත් අනුප‍මේය සේවයක් අප රටේ ජනතාව වෙත සපයනු ලැබේ.

විශේෂයෙන්ම ගංවතුර සහ නායයෑම් වැනි උපද්‍රව වලදී ඒ සඳහා මුහුණ දීමට ක්ෂණික ප්‍රතිචාර මුදවා ගැනීමේ සහ සහන සැලසීමේ ඒකකය නමින් විශේෂිත වූ නාවික බලඝනයක් ද නාවික හමුදාව තුළ ස්ථාපනය කොට ඇත.

නාවික කිමිඳුම් අංශය නාවික හමුදාව සතු නෞකා ආශ්‍රිත රාජකාරි කටයුතු මෙන්ම විවිධ බාහිර කිමිඳුම් අවශ්‍යතා සඳහා ද ඔවුන්ගේ සේවය ඉතා විශිෂ්ඨ ලෙස ලබා දේ. ‍

විශේෂයෙන් දියේ ගිලී අතුරුදහන්වන පුද්ගලයන් සොයා ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය විසින් සිදු කරනු ලබන ඉල්ලීම් සඳහා නාවික හමුදා කිමිඳුම් අංශය දිවා රාත්‍රි නොබලා ක්‍ෂණිකව ප්‍රතිචාර දක්වමින් සිදුකරනු ලබන සේවය නිරන්තර පැසසීමට ලක්වන කාර්යයකි.

“රට වට බැඳි රන් වැට” යන විරුදාවලිය ලත් නාවික හමුදාව, වත්මන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ නිවැරදි මඟපෙන්වීම හා නායකත්වය යටතේ තම වෘත්තීය නිපුණතා මෙන්ම දැනුම ද අඛණ්ඩව වර්ධනය කර ගනු ලබන අතර, පවතින සම්පත් නිසි පරිදි කළමනකරණය කර ගනිමින් අප රටට මහඟු හා විශිෂ්ඨ සේවාවක් ලබා දීමට අඛණ්ඩව දායක වී සිටි.

Related posts

හිටපු ආරක්ෂක ලේකම් ගුවන්තොටුපළේ රදවාගෙන ප්‍රශ්න කරයි !

colombotoday

හමුදාවේ 4 දෙනෙක් පුද්ගලයෙකුව පැහැරගෙන හිහින් – හමුදාපති තුමාගෙන් නියෝගයක්

colombotoday

“දිස්ත්‍රික්ක 25 තුළ චෛත්‍යය 1,000 ක් ඉදිකිරීම මගේ සිහිනයක්” – සජිත් පේමදාස

colombotoday

ගෑස් කාන්දුවකින් වත්තල නිවසක් ගිනි බත් වෙයි

colombotoday

කල්දේරම් බතේ රස බැලු ඇමතිවරිය

colombotoday

ඇමතිලාගේ වියරු හැසිරීම් වලට අපි බය නැහැ: මැයි 05 වර්ජනය ස්ථීරයි – ‍GMOA

colombotoday