Colombo Today Sports News

ශ්‍රී ලංකාව 203කට දැවී යයි – එංගලන්තය ලකුණු 177ක් ඉදිරියෙන්

සංචාරක එංගලන්ත කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ එංගලන්ත කණ්ඩායම රැස්කළ ලකුණ 342ට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම 203ක් රැස්කළේය.

නැවතත් දෙවැනි ඉනිම ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම දෙවැනි දිනයට තරගය නිමා කරන විට කිසිවෙකු නොදැවී ලකුණු 38ක් රැස්කරගෙන සිටියි.

ඒ අනුව ඔවුන් ලකුණු 177ක් ඉදිරියෙන් පසුවෙයි. ශ්‍රී ලංකාව වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 52ක් රැස්කළ අතර එය ඉනිමේ වාර්තා වූ ඉහළම ලකුණු සංඛ්‍යාවයි.

එංගලන්තය වෙනුවෙන් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ මොයින් අලී කඩුලු 4ක් දවාගැනීමට සමත්විය.

Related posts

අවසන් තරගයේ ජය ඇෆ්ගනිස්තානයට

Admin

මහේල ජයවර්ධන සුද්දන්ට වැඩ කිරීම ගැන කණගාටුයි.. තිලංගගෙන් දොස්මුරයක්

colombotoday

අවසන් T20 තරගයේ ජය ඕස්ට්‍රේලියාවට

colombotoday

සුපිරි පාපන්දු ක්‍රීඩක ලියෝනල් මෙසී සිටි හෝටල් කාමරය කෞතුකාගාරයක් කරන්න යයි

Admin

T-20 කාන්තා ක්‍රිකට් කිරුළ ඕස්ට්‍රේලියාවට

colombotoday

ICC ශ්‍රේණිගත කිරීම්වල වනිඳු අංක 1 ට

colombotoday