Colombo Today Local News

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ දැවැන්ත පාඩු සේවකයන් 1500ක් විශ්‍රාම ගන්වයි

ඇති වී තිබෙන තත්ත්වය මත ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සේවකයන් 1500ක පමණ පිරිසක් ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමේ අවස්ථාව සැලසීමට එහි පාලනාධිකාරිය කටයුතු කර ඇත.

මේ වන විට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සේවකයින් 7000ක පමණ පිරිසක් සේවය කරනු ලබයි.

දැනට මාස තුනක පමණ කාලයක සිට ඇති වී තිබෙන කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ආයතනය විශාල ලෙස පාඩු ලබා තිබේ.

මේ නිසා වියදම් අඩු කිරීමේ අරමුණින් සේවක පිරිස අඩු කිරීම සඳහා සඳහා ආයතනය තීන්දු කර ඇත.

ඒ අනුව එහි සේවකයන්ට වන්දි ලබාගෙන කැමැත්තෙන් විශ්‍රාම ගැනීමේ අවස්ථාව ලබාදීමට පාලනාධිකාරිය විසින් කටයුතු කර තිබේ.

Related posts

හිටපු ජනපති ගෝඨාගේ නිවසට දැඩි ආරක්‍ෂාවක්

colombotoday

ආගිය අතක් නැති අර්ජුන් මහෙන්ද්‍රන් දකුණු අප්‍රිකානු මාධ්‍යයකින් මතුවෙයි.

colombotoday

රාජිතගෙන් යළිත් අපේක්ෂිත ඇප අයැදුම්පතක්

colombotoday

ජනපති අපේක්ෂකයෙක් තවම තෝරාගෙන නෑ

colombotoday

බියර්, අරක්කු, සිගරට්, ගංජා එක්ක ගෙවෙන බිග් මැච්

colombotoday

මහර සිද්ධියේ අතුරු වාර්තාව මැතිසබයට

colombotoday