Colombo Today Local News

ශ්‍රීලංකා නිදහස් පක්‍ෂය යලිත් මහින්ද සරණ පතයි

slfශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ පවතින ප්‍රශ්න නිරාකරණය කර ගැනීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හා විපක්‍ෂයේ සිටින මන්ත්‍රීවරුන් සමග ඉදිරියේදී සාකච්ඡා ආරම්භ කරන බව එම පක්‍ෂයේ භාණ්‌ඩාගාරික ඇමැති එස්‌. බී. දිසානායක මහතා පැවසීය.

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා  නිදහස්‌ පක්‍ෂය ප්‍රමුඛ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය එක්‌ව තරග කරන බවත් ඊට සියලු දෙනාම එක්‌විය යුතු බවත් ඊයේ (29 දා) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඇමැතිවරයා කීවේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්‍ෂ මහතා හා චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පක්‍ෂය මෙහෙයවමින් මැතිවරණය ජයග්‍රහණය කරා ගෙන යායුතු යෑයිද හෙතෙම කියා සිටියේය.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ආණ්‌ඩුවේ ඇමැතිවරුන් හා විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් ඉතා සුහදව හා අවබෝධයෙන් කටයුතු කරන බව කී ඇමැතිවරයා පක්‍ෂය දෙකඩ වන බවට කිසිදු බියක්‌ කිසිවකුට නැතැයිද කියා සිටියේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ශ්‍රී ලංකා නිදහස්‌ පාක්‌ෂිකයන් කවදත් ආදරය කරන බවත් පක්‍ෂයට අහිමි වූ සුළු ජන ඡන්ද පදනම යළි ආරක්‌ෂා කර ගැනීමට සියලු දෙනා ඉදිරියේදී කටයුතු කළ යුතුව ඇති බවත් ඇමැතිවරයා සඳහන් කළේය

Related posts

වෙළඳපොළේ සහල් හිඟයක්

Admin

වාෂ්ප ආශ්වාස කිරීමෙන් කොවිඩ් 19 වළක්වා ගත නොහැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්.

colombotoday

වෛද්‍ය පාදෙණිය 8වන වරටත් නිතරගයෙන් GMOA මුල් පුටුවට…

colombotoday

බොදු බල සේනා දිවිසරණ දෙවැනි දිනටත්.. බේදයක් නෑ, අවතැන් මුස්ලිම් ජනතාවටත් අත හිත

colombotoday

අත්‍යවශ්‍ය භාණ්ඩ 5 ක මිල ගණන් සතොස පහළ දමයි

colombotoday

සති අන්තයෙත් විදුලි කප්පාදුවක්

Admin