Colombo Today Local News

“විජයදාසගේ කෘතිය ඔහුට විරුද්ධව විනය පරීක්ෂණයක් පවත්වන්න හේතුවක් විය හැකියි”

විජයදාස රාජපක්ෂ මහතා ලියූ රාජ්‍ය පාලනයේ විකාශය හා ශ්‍රී ලංකාවේ අනාගතය ග‍්‍රන්ථය හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙක් වූ ඔහුට විරුද්ධව විනය පරීක්ෂණයක් පැවැත්වීමට හේතුවක් වනු ඇතැයි සැක සිතෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  ප‍්‍රකාශ කළේය.

එවැනි පරීක්ෂණයක් පැවැත්වුවහොත් තමන්ටත් සාක්ෂි දෙන්නට සිදුවිය හැකි යැයි ද සිරිසේන මහතා කීය.

බෞද්ධ රටක් ලෙස අප අද සිටින්නේ කොතැන දැයි යන්න පසුගියදා පොලොන්නරුවේ දී විසි හැවිරිදි මවක් දරුවාට කිරිදෙන්නට මත්කුඩු ඉල්ලා සිටි අන්දමින් වටහා ගත හැකි යැයි පැවසූ ජනාධිපතිවරයා රට පත්ව ඇති තත්ත්වය වෙනස් කරන්නට එකමුතුවීම සියලූ දේශපාලඥයින්ගේ වගකීම යැයි ද කියා සිටියේය.

එසේ නොවුනහොත් කෙටි කාලයක් තුළ මෙකී අර්බුද සමඟ බලාපොරොත්තු නොවු විශාල අර්බුදයකට රටම වැටෙන්නට ඉඩ කඩ ඇතැයි ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා මේ අදහස්  පළ කළේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ලියු ග‍්‍රන්ථ ත‍්‍රිත්වයක් හා ඔහුගේ නිර්මාණ ඇතුළත් සංයුක්ත තැටි ත‍්‍රිත්වයක් ජනගත කිරීම නිමිත්තෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති උත්සවයකදීය.

මහා සංඝරත්නය ද, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසකගේ මෙම උත්සවයට සහභාගි වූහ.

Related posts

හම්බන්තොට විදුලි ගබඩාවක් ස්ථාපිත කරන්න අමාත්‍ය මණ්ඩල අනුමැතිය

Admin

ව්‍යවස්ථාව අනුව කටයුතු කරන්න…. ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට රතු එළියක්…

colombotoday

කුමන බලපෑම් පැමිණිය ද මෙහෙයුම් අඛණ්ඩව ඉදිරියටත් සිදු කරනවා – ටිරාන් අලස්

Admin

කිලිනොච්චියේ පාසලුත් වැසෙයි

colombotoday

හිටපු උපකුලපති අතුල සේනාරත්නට පහරදුන් සිසුහු 6ක් අත්අඩංගුවට

Admin

ඩී.අයි.ජි. නමින් පිලියන්දල ගණිකා මඩමක් දාලා

colombotoday