Colombo Today Local News

ව්‍යාපාර යළි නඟාසිටුවීමට සහය ලබාදෙන්න සුදානම්

කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාපති අවදානම හමුවේ වසා දමා තිබුණු ව්‍යාපාර යළි නඟාසිටුවීම සඳහා ව්‍යාපාරික ප්‍රජාව ඉලක්ක කරමින් නව ණය යෝජනා ක්‍රම ඉදිරිපත් කිරීමට බලපොරොත්තුවන බව ඊයේ(19)දින පස්වරුවේ කොළඹදී පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය විමල් වීරවංශ මහතා මේ බව සඳහන් කළේය.

අමාත්‍ය විමල් වීරවංශ මහතා, සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය, මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම සාකච්ඡාව ඊයේ පැවැත්වුණි.

කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්ති අවදානම හමුවේ ව්‍යාපාරික ප්‍රජාව ඇතුළු සමස්ත සමාජය මුහුණ පා ඇති ගැටළු, ඒවාට පිළියම් සහ එහිදී පිළිපැදිය යුතු සෞඛ්‍ය කරුණු මෙහිදී සාකච්ඡාවට බඳුන්වූ අතර එය ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ සජීවීව විකාශනය කිරීමටද පියවර ගෙන තිබුණි.

Related posts

ගෝලීය නායක සමුළුවේ දී ඉහළ පෙළේ සාකච්ඡා සභාවක් ඇමතීමට ප්‍රංශ ජනපතිගෙන් ජනපතිට ආරාධනයක්

Admin

සර්වපාක්ෂික හමුව එකගතාවයෙන් තොරව අවසන්… මැතිසබේ හෙටත් ගිනියම්වන ලකුණු…

colombotoday

ප්‍රදේශ රැසක සොරකම්වලට සම්බන්ධ 5ක් අත්අඩංගුවේ

colombotoday

බදියුදීන් තනි නොකරයි… සියලු මුස්ලිම් ඇමතිලා එකවර ඉල්ලා අස්වෙන්න යයි !

colombotoday

පෙළපාලි තහනම්

Admin

මරණ දණ්ඩනයට නියම වූ පොලිස් නිලධාරීන්

Admin