Colombo Today Local News

වර්ණසිංහගේ වැය ශීර්ෂය පරාජය කිරීමට මුල් වුණේ රතන හිමි! හෙළ උරුමයේ දරුණු ගැටුම්

hela urumayaඅතුරලියේ රතන හිමියන්ගේ මන්ත්‍රීධූරය අහිමිකිරීම සදහා චම්පික රණවක ඇමතිවරයා සහ නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා ඇතුළු පිරිසක් කුමන්ත්‍රණය කිරීම මුල් කරගෙන රතන හිමි සහ චම්පික රණවක මහතා කලක සිට විරසක වී සිටින අතර පසුගියදා නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතාගේ අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පරාජය වීමත් සමග එම විරසකය තවත් උග්‍ර වී ඇත.

බස්නාහිර පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍යා නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතාගේ අමාත්‍යාංශ වැය ශීර්ෂය පරාජයට පත්කිරීමට මූලිකවම කටයුතු කළේ අතුරලියේ රතන හිමි ඇතුළු කිහිපදෙනෙක් බව මේ වන විට අනාවරණය වෙමින් පැවතීම එම විරසකය දුරදිග යෑමට හේතුවී තිබෙන බවයි හෙළ උරුම අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් අප වෙත වාර්තා වන්නේ.

රතන හිමි පාර්ශවයෙන් මෙම ප්‍රහාරය එල්ල කිරීම සදහා ජනපතිවරයා‍ ද සිය සමීප හිතවතකු වන බස්නාහිර පළාත් සභාවේ මහ ඇමති ඉසුර දේවප්‍රිය හරහා සහාය දී ඇති බව හෙළිව ඇතැයිද එම ආරංචි මාර්ග වැඩි දුරටත් colombotoday.com අනාවරණය කර සිටියා.

Related posts

කොටි සැකකරුවන් 26ක් දඩුවම ලිහිල් කර එළියට ගන්න ඇමති – නීතිපති සාකච්ඡා

colombotoday

පාස්කු කොමිසමේදී රෙද්ද කැඩෙන බදුර්දීන් බේරගන්න සමගි ජන බලවේගය මැකෝ ලඟට

colombotoday

පුත්තලමේ මහ ව්‍යසනයක්.. පිළිකාකාරක බැර ලෝහ තොග පිටින් පරිසරයට මුදාහරී.. බලධාරීන් නිදි (Photo)

colombotoday

වළකට වැටී දරුවෙක් මිය යයි

Admin

තිරිඟු පිටි මිල ඉහළට – බේකරි රැසක් වැසේ

colombotoday

IMF විස්තීර්ණ මූල්‍ය පහසුකමේ පළමු කොටස ඉදිරි දින දෙක තුළ

Admin