හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නගේ ලේකම්වරයෙකු සහ සමීපතම සගයෙකු වන රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත.
සුදු වෑන් මාධ්‍ය හමුවේ පෙනී සිටි පුද්ගලයන් දෙදෙනාට රුපියල් ලක්ෂ 20ක මුදලක් ලබාදීම පිළිබදව ඔහුට චෝදනා එල්ල වී තිබේ.
සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර එහිදි ඇප ලබාදීමට නීතිපති දෙපාාර්තමේන්තුවේ විරෝධය පලකරන බවද වාර්තා වේ.