Colombo Today Local News

යහපාලකයෝ වකුගඩු රෝගීන්ට වහ කවයි! වකුගඩු රෝග නිවාරණයත් කෘෂි රසායන සමාගම් අතට !!

ජනාධිපති කාර්යාලයේ පිහිටුවා ඇති වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකාය එළබෙන දෙසැම්බර් 16 දින ජාතික වැඩමුළුවක් ගාලු මුවදොර හෝටලයේ කැඳවා ඇත. ඒ සදහා මිලියන ගණනක වියදමක් දරනු ලැබේ. එහි උදැසන පැවැත්වෙන ආරම්භක උත්සවයේ ප්‍රධාන අමුත්තා රාජිත සේනාරත්න සෞඛ්‍ය ඇමතිතුමාය. සවස් වරුවවේ සවස 3 ට ජනාධිපතිතුමා පැමිණේ. උදැසන පවත්වන වැඩමුළුවේ ප්‍රතිපලය ජනාධිපතිතුමාට ඉදිරිපත් කරන්නේ මහාචාර්ය බුද්ධි මාරඹේ සහ මංජු ගුණවර්ධන මහතාය.

බුද්ධි මාරඹේ යනු ලංකාවේ කෘෂිරසායන වෙළදාමේ ආධිපත්‍ය දරන CIC සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයෙකි. (යොමුව). මංජු ගුණවර්ධන යනු හිටි අඩියේ වකුගඩු රෝගය ගැන කට මැත දොඩවන වකුගඩු රෝගය ගැන කතා කිරීමට කිසිදු අධ්‍යාපන සුදුසුකමක් නැති CIC සමාගමේ සේවය කල පුද්ගලයෙකි.

පුදුමයනම් වකුගඩු රෝගය ගැන පර්යේෂණ කල සිය ගණනක් සිටින මේ රටේ වකුගඩු රෝගය ගැන ජනාධිපතිතුමාට ඉදිරිපත් කරන්නට ජනාධිපති කාර්යාලය මගින් මේ දෙදෙනාවම තෝරා ගැනීමය. ජනාධිපති කාර්යාලයෙන් ලැබෙන තොරතුරු අනුව අද මෙම සමාගම්වල බලපෑම අන් කවරදාටත් වඩා වැඩි වී ඇත.

වකුගඩු රෝගය ගැන පසුගිය මැතිවරණ සමයේ වේදිකාවල පතුරු ඇරියේ පැවතී රජය කෘෂිරසායන මාෆියාවට යට වී නිහඩව සිටි බවයි. එසේනම් මේ කරන්නේ සමාගම් ජනාධිපති කාර්යාලයටම ගෙනවිත් උත්සව සංවිධානය කර, ආරාධනා පත්‍ර යවා, මුල් පුටුවේ හිඳුවා මාෆියාව රෙද්අස්සේම දමා ගැනීම නොවේදැයි ප්‍රශ්න කල යුතුය.

uut

LankaNewsWeb

Related posts

මුල්ලේරියාව රෝහලේ දී කොවිඩ් ආසාදිත කතුන් 43ක් දරුවන් බිහි කරලා

colombotoday

සනත් නිශාන්ත උපරිමාධිකරණට

Admin

“මම දේශපාලන ජීවියෙක්” ජීවත් වන තුරා දේශපාලනය කරනවා – ජනපති

colombotoday

සංවර්ධන කටයුතු යලි ආරම්භ කිරීමට සුදුසු බව චීන ජනපති ශ්‍රී ලංකා ජනපතිට යෝජනා කරයි

colombotoday

සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත සංශෝධනයට අනුමැතිය

Admin

ඉදිරි පැය 30 තුළ සුළි කුණාටු තත්වයක් ඇති වීමේ අවදානමක්

colombotoday