Colombo Today Local News

“මෛත්‍රී, මහින්ද එක් විය යුතුමයි.. එසේ නොවුණහොත් රට වැටෙන වළෙන් ගොඩ ගන්න සක්‍රයාටවත් බෑ” – ජෝන්

mahinda my3

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ එකම අරමුණ වන්නේ ඉදිරි පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කිරීම බව කම්කරු සහ වෘත්තිය සමිති සබදතා අමාත්‍ය ඩබ් .ඩී .ජේ සෙනෙවිරත්න පවසයි .ඔහු මේ බව කියා සිටියේ ඊයේ ( 19) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

පක්ෂය ජයග්‍රහණය කරවීමට නම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එකට එකමුතු කල යුතු බවයි ඔහු පෙන්වා දුන්නේ . වෙන පක්ෂ පිහිටුවා ගනිමින් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමට මහින්ද රාජපක්ෂට කිසිදු උවමනාවක් නොමැති අතරම ශ්‍රිලනිප දෙකඩ කිරීමට උත්සහ කරන්නේ ඒ පක්ෂ වටා ඒකරාශිවී සිටින පිරිසක් බවයි ඔහු සදහන් කලේ.

මෙවර පළාත් පාලන මැතිවරණය තුළදී කෙසේ හෝ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කල යුතු අතරම එසේ නොවුණහොත් තවත් අවුරුදු හතරහමාරකට පසුවත් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කිරීම වැළැක්විය නොහැකි බවද ඔහු අවධාරණය කලා.

Related posts

ලබන සඳුදා සහ අඟහරුවාදා රජයේ විශේෂ නිවාඩු..

colombotoday

නාමල්ගේ විදෙස් ගමන් තහනම ගැන අධිකරණය අද දුන් තීන්දුව

colombotoday

ජනවරමක් නැති ආණ්ඩුවක කැබිනට් ඇමතිකමක් ගන්නේ නෑ

Admin

නොරොච්චෝලේ විදුලි බලාගාරය අක්‍රිය වෙයි

colombotoday

මැයි 21 සිට දින 10කට ගුවන් මගීන්ගේ පැමිණීම අත්හිටුවයි

colombotoday

IECD බලපත්‍ර සඳහා Online ඔස්සේ ගාස්තු ගෙවීමට අවස්ථාව

colombotoday