Colombo Today Local News

මීළග අගමැතිත්, කැබිනට් මණ්ඩලයත් තෝරන්නේ ජනපති මෛත්‍රීයි !

මීළඟ රජයේ අගමැති හා අමාත්‍යවරු කවුරුන් ද යන්නේ තීරණය කරනු ලබන්නේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජනහමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

“පස්දෙනෙකුගෙන් යුත් විනිසුරු මඩුල්ලක් හෙට අනිද්දා තීරණයක් දෙනවා. ඒ තීරණයෙන් තමයි කට්ටිය රත් වෙන්නේ. ඔක්කොම හිතුවා 2020 දී තමයි ජනපතිගේ නිල කාලය අවසන් වෙන්නේ කියලා. නෑ. මේ 19 වැනි සංශෝධනය අපේ ජනපතිවරයාට වලංගු වෙන්නේ නෑ. මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයාට 2021 වනතෙක් තමන්ගේ ධුර කාලයේ රැඳී සිටීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අවස්ථාව ලැබී තිබෙනවා.

ඊළඟ රජයේ අග්‍රාමාත්‍යවරයා කවුද කියලා තීරණය කරන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයායි. ඒ වගේම එහි කැබිනට් අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු තෝරා ගනු ලබන්නේත් ඔහු විසින්මයි. 2021 වන තෙක් මේ රට පාලනය කරන්නේ ශ්‍රී ලංකා නිදහහස් පක්ෂය හා මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයායි. “ යැයි ද පවසා සිටියේය.

Related posts

ඉංග්‍රීසි හා තොරතුරු තාක්ෂණය ඉගැන්වීමට ගුවන් හමුදාව යෙදවීමට යයි.

colombotoday

ඩොලර් බින්දුවේ තිබුණ සංචිත ඩොලර් බිලියන 6ට ගෙනාවා

Admin

Braking : CSN විකාශන බලපත්‍රය අත්හිටුවයි

colombotoday

ශරියා විශ්වවිද්‍යාලය රජයට පවරාගත යුතුයි…

colombotoday

වත්මන් රජය රටේ සම්පත් තුට්ටු දෙකට විකුණා දැමීමේ ප්‍රතිපත්තියක – ආචාර්ය ලලිතසිරි ගුණරුවන්

colombotoday

ඥානසාර හිමි සිරගත කල ආණ්ඩුවට උත්තර දෙන්න ජනතාව බලාගෙන ඉන්නවා

colombotoday