Colombo Today Local News

මිල සූත්‍රයෙන් ප්‍රෙට්ල්, ඩීසල් මිල ඊයේ රාත්‍රියේ සිට ඉහළට

මිල සුත‍්‍රයට අනුව ඊයේ (10) මධ්‍යම රාත‍්‍රීයේ සිට ප්‍රෙට්රල් රුපියල් 4/- කින්ද සුපර් ඞීසල් මිල රුපියල් 3/-කින්ද ඔටෝ ඞීසල් මිිල රුපියල් 5/-කින්ද ඉහළ දැමීමට රජය තීරණය කොට ඇත.

ලෝක වෙළද පොළේ බොරතෙල් මිල ඉහළ ගොස් ඇති හෙයින් ඊට සාපේක්‍ෂව දේශිය වෙළද පොළේ ඉන්ධන මිලද එළෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.

ඒ අනුව ඔක්ටේන් 92 ප්‍රෙට්රල් ලීටරයක් රුපියල් 145/- සිට රුපියල් 149/- දක්වාද, ඔක්ටේන් 95 ප්‍රෙට්රල් ලීටරයක් රුපියල් 157/- සිට රුපියල් 161/- දක්වාද වැඪි කළ බවත් සුපර් ඞීසල් ලීටරයක් රුපියල් 130/- සිට රුපියල් 133/- දක්වාද ඔටෝ ඞීසල් ලීටරයක් රුපියල් 118/- සිට රුපියල් 123/- දක්වාද වැඪි කළ බවත් මුදල් අමාත්‍යංශයේ ප‍්‍රකාශකයකු පැවසීය.

මෙරට ඉන්ධන මිල තීරණය ස`දහා වන මිල සුත‍්‍රය ගණනය කරන කමිටුව ඊයේ (10) පසුවරුවේ මුදල් අමාත්‍යංශයේ රැුස්වී ගනු ලැබු තීරණයකට අනුව මිල සුත‍්‍රයට අනුව ඉන්ධන මිල මෙලෙස ඉහළ දැමීමට තීරණය කළ බව එම ප‍්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.

Related posts

ඇමති කිරිඇල්ලට උපදේශකයන් 58යි.. චෝදනාව පාර්ලිමේන්තුවේදී පිලිගනී !!

colombotoday

නිදහස් දින පෙරහුරුව වෙනුවෙන් රථ වාහන සැලැස්මක්

colombotoday

“අර්ජුන් සාක්ෂි දෙන්නේ ඔහු කැමතිනම් විතරයි.. බලකරන්න බෑ” – කොමිසමෙන් දැනුම්දීමක්

colombotoday

5,000 දීමනාව අනු කමිටුවේ යෝජනාවක් නොවේ.. අමාත්‍ය මණ්ඩලයේදී සත්භාවයෙන් ගත් තීන්දුවක්

colombotoday

නාවික හමුදාවේ දෙදෙනෙක් ගංජා සමග අත්අඩංගුවේ

colombotoday

කොළඹ වරාය නගරය ආයෝජකයන් සඳහා හඳුන්වා දීම ලබන 26 වනදා

Admin