Colombo Today Local News

මැතිවරණයෙන් පරාජ වූ කිසිවෙකුට ජාතික ලැයිස්තුවේ ඉඩක් නෑ – සජිත්

2020 පාර්ලිමේන්තු මහමැතිවරණයෙන් පසු පාර්ලිමේන්තුවේ විපක්ෂයේ බලය හිමිකරගත් සමගි ජන බලවේගය අද මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබුණි. ඒ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ සහභාගීත්වයෙන්.

එලෙසය පැවති මාධ්‍ය හමුවේදී ඔහු මෙලෙස අදහස් දැක්වූවා.

“අපේ රටේ ඉතිහාසයේ දැවැන්තම ජයග්‍රාහී සටන අපි ආරම්භ කලා. ඒ නිසා ආසන 54ක් අපට ලබා ගැනීමට සහය ලබා දුන් සියලු දෙනාට බොහොම ස්තුතිවන්ත වනවා.

අපි බොහොම අමාරුවෙන් මේ ඡන්දෙට මුහුණ දුන්නේ. ඉතින් අපි එවැනි පසුබිමක ඔප්පු කරලා පෙන්නුවා මුදල් බලය නෙමෙයි ජනතා බලයයි ඡන්දයක් දිනන්න ඕන වෙන්නේ කියලා.

මේ ඉතිහාසයේ කෙටිම කාලයක් තුල මහා ජනබලයක් ගොඩනැගුණු එකම බලවේගය අපේ මේ සමගි ජනබලවේගය. පොහොට්ටුවටත් ආණ්ඩු බලය ලබාගන්න වසර 4ක් ගත වුණා. අපිට තිබ්බේ මාස 6ක් වගේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ ලැබූ ජයග්‍රහණයත් එක්ක අපේ ඉදිරි ගමන ඉතා සාර්ථකව ගෙනයන්න පුළුවන් කියලා.

කවුරුහරි කියනවනම් ආණ්ඩුව අපිට විශාල අභියෝගයක් කියලා,මම බොහොම විශ්වාසයෙන් කියනවා මේ සියලු අභියෝගයක් ම ඉතා සාර්ථකව ජයගෙන ඉදිරියට යන්න අපේ පක්ෂය සූදානම්.අපි යන්නේ බොහොම ප්‍රගතිශීලී ගමනක් ඒ නිසා අද සිට ජනතාවට කිසිඳු අගතියක් නොවන්නට සමගි ජන බලවේගය බලාපොරොත්තු වනවා.

නැවත වතාවක් සුළු කාලයක් තුල අපට මෙම තත්වයට පැමිණීමට සහයෝගය දුන් සියලු ශ්‍රීලාංකිකයින්හට මම ස්තුතිවන්ත වනවා.”

මේ අතර මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිලිතුරු දෙමින් ඒ මහතා සඳහන් කළේ තවමත් සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුව සූදානම් කර නොමැති බවයි. එමෙන්ම මැතිවරණයෙන් පරාජ වූ කිසිවෙකුට ජාතික ලැයිස්තුවේ කිසිඳු ඉඩක් නොලැබෙන බවයි.

Related posts

“මගේ කාලයේ බැදුම්කර ගණුදෙනු ගැනත් හොයන්න” – මහින්දගෙන් අභියෝගයක්

colombotoday

ජනපතිට , අගමැතිට , ඇමති මණ්ඩලයටම අධිකරණයෙන් නොතීසි

colombotoday

මෙරටට රැගෙන ආ විශාලතම ෆයිසර් එන්නත් තොගය අද කටුනායකට

colombotoday

මාදුරුඔය රක්ෂිතයේ 5ක් දඩයමේ ගිහින්. මස් කිලෝ 50ක් සමඟ මාට්ටු

colombotoday

ජනතාවට නැති සහන ඉන්දියානු සමාගම්වලට දීලා… මේ ආණ්ඩුව ඉන්දියාව වෙනුවෙන් වැඩ කරන ආණ්ඩුවක්

colombotoday

තබ්බෝව රක්ෂිතයේ අක්කර 175ක් ඇමති බෑණාට.. අණපණත් කුණූ කූඩයට දමා කැබිනට් අනුමැතිය දෙයි !

colombotoday