Colombo Today Local News

මාධ්‍ය නිදහසට බලපෑමක් එල්ල වෙන්න දෙන්නේ නෑ – ජනාධිපති මාධ්‍ය ප්‍රධානීන් හමුවේ සහතික වෙයි

රටේ මාධ්‍ය නිදහසට තම පාලන කාලයේ දී කිසිඳු බලපෑමක් එල්ල නොවන බවට ස්ථීර වශයෙන්ම සහතික වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඕනෑම සාධාරණ විවේචනයකට ඉඩ ඇති අතරම රටට සහ රටේ කීර්තිනාමයට හිතකර මාධ්‍ය මෙහෙවරක නිරත වෙමින් මාධ්‍යයෙන් රටට වියයුතු වගකීම් ඉටුකිරීමට සියලු මාධ්‍ය ආයතන කටයුතු කරනු ඇතැයි තමා අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපතිවරයා සහ මාධ්‍ය ආයතන ප්‍රධානන් අතර හමුවක් අද (12දා) පෙරවරුවේ ජනාධිපති කාර්යලයේ දී පැවැත්වුණු අතර එහිදී ඔහු මේ බව පැවැසීය.

පසුගිය ජනාධිපතිවරණයේ දී රටේ ජනාධිපතිවරයා ලෙස ජනතාව තමා තෝරා පත් කර ගත්තේ අපේක්ෂා රැසක් පෙරදැරිව බවත් දේශපාලනඥයන්ගේ සහ රාජ්‍ය නිලධාරින්ගේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, දූෂණය පිටුදැකීම සහ ආර්ථික සංවර්ධනය ඒ අතර ප්‍රමුඛ බවත් ජනපතිවරයා සඳහන් කළේය.

එම අරමුණ ජය ගැනීමේදී ද මාධ්‍යයේ සහාය  තමා වෙත නොඅඩුව ලැබෙනු ඇති බවට විශ්වාස කරන බවත් ජනපතිවරයා පැවැසීය.

ආයෝජන සහ ආර්ථික සබඳතා ජාත්‍යන්තර වශයෙන් ගොඩනැගීමට රටේ ප්‍රතිරූපය ඉතා වැදගත් බවත් එබැවින් රටේ ප්‍රතිරූපය ගොඩනැගීමේදී ද මාධ්‍යයට පුළුල් වගකීමක් පැවරෙන බවද ජනපතිවරයා පෙන්වා දුන්නේය.

පසුගිය දිනවල සංවාදයට ලක් වූ ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියට අදාළ සිදුවීමේ දී මෙරට මාධ්‍යවල හැසිරීම පිළිබද සිය ප්‍රසාදය පළකරන බවද ජනපතිවරයා සඳහන් කළේය.

ජාත්‍යන්තර මාධ්‍ය අනවශ්‍ය අන්දමින් එම සිදුවීම උලුප්පා දැක්වීමට ගත් උත්සාහය පිළිබඳව කණගාටුව පළ කළ ජනාධිපතිවරයා සඳහන් කළේ ඒවා නිවරුදි කිරීමේ හැකියාව ද මෙරට මාධ්‍ය සතුව පවතින බවයි.

නගර අලංකරණ කටයුතු මෙන්ම රට පුරා නිර්මාණය වී ඇති චිත්‍ර ඇදීම පිළිබඳව දැනුවත් කළ ජනාධිපතිවරයා පැවසුවේ එය කිසිවෙකුගේ ඉල්ලීමක් අනුව ආරම්භ වූවක් නොව රටට ආදරය කරන තාරැණ්‍යය අතරින්ම බිහි වූ නිර්මාණශීලි වැඩපිළිවෙළක් බවයි.

රටට ආදරය කරන එම කණ්ඩායම් දිරි ගැන්වීම වෙනුවෙන් මාධ්‍යයේ  දායකත්වය නොඅඩුව ලැබීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා පැහැදිළි කළේය.

Related posts

දිස්ත්‍රික්ක තුනකට නායයෑමේ අනතුරු ඇඟවීම්

Admin

වෙඩි වැදී මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් හමු වෙයි

Admin

‘ශ්‍රී ලංකාවට ඉන්දියාව සමඟ තිබෙන සම්බන්ධතා අවදානමේ හෙළීමට නොහැකි’ ඉම්රාන් ඛාන්ගේ පාර්ලිමේන්තු කතාව නවත්වයි

colombotoday

ධනුෂ් ගේ නඩු ගාස්තුව නිව් සවුත් වේල්ස් නීති බලධාරීන් ගෙවිය යුතුයි – ධනුෂ් ගේ නීතිඥයා කියයි

Admin

16ත් 19ත් අතර නිරෝගී දරුවන්ට ෆයිසර් ලබාදීමට අනුමතකරයි

colombotoday

නව වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරයේ අංග දෙකක් ඉවත් කෙරේ

colombotoday