Colombo Today Local News

මාකඳුරේ මදූෂ්ගේ අවසන් ඉරණම ලියැවුනු හැටි

මාලිගාවත්ත ප‍්‍රදේශයේදී අද අලූයම සිදුවූ වෙඩි හුවමාරුවකදී ජීවිතක්ෂයට පත්වූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වූ සමරසිංහ ආරච්චිගේ මදූෂ් ලක්ෂිත නොහොත් මාකඳුරේ මදූෂ් නමැත්තාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කෙරෙනවා.

අදාළ ස්ථානය ආශි‍්‍රතව සවිකර ඇති CCTV කැමරා ද පරීක්ෂා කරන ලෙසයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්න්කෝන් ඒ පිළීබඳ විමර්ශන සිදුකෙරෙන නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ.

මාලිගාවත්ත ප‍්‍ර‍්‍රදේශයේ පිහිටි ලක්සෙත සෙවණ මහල් නිවාස සංකීර්ණය තුළ සගවා තිබූ කෝටි 22 ක වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ ග‍්‍රෑම් 22 ක් සොයා ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් පිරිසක් විසින් අද අලූයම මාකඳුරේ මදූෂ් එම ස්ථානයට රැගෙන ගොස් තිබුණා.

එහිදී බාහිර පාර්ශවයක් විසින් සිදුකරන ලද වෙඩි තැබීමකදී මාකඳුරේ මදූෂ් ජීවිතක්ෂයට පත්ව තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලැබුවා.

අද පෙරවරුවේ වෙඩි හුවමාරුව සිදුවූ එම ස්ථානයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් සහ විමර්ශන කටයුතු ද ආරම්භ කෙරුණු අතර ඒ සඳහා උසස් පොලිස් නිලධාරීන් ද පැමිණ සිටියා.

අද පෙරවරුවේ වෙඩි හුවමාරුව සිදුවූ එම ස්ථානයට පැමිණි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් සඳහන් කළේ වෙඩි තැබීම සිදුකළ බාහිර පාර්ශවය විසින් පොලිස් නිලධාරීන් ඉලක්ක කර ද සැලසුම් සහගතව වෙඩි ප‍්‍රහාර එල්ල කර ඇති බවයි.

Related posts

නිරිත දිගට වැඩි වෙන වැස්ස

colombotoday

ඉතිහාසයේ මුල්වරට කතානායක පුටුව පෙරළි බිම වැටෙයි.. ආණ්ඩුවට අසුභ නිමිත්තක් !!

colombotoday

මහ බැංකුවේ තවත් බැදුම්කර නිකුතුවක් ගැන සැකයක් !

colombotoday

මහ බැංකුවෙන් හොරා කෑ මුදල්වලින් සමහරුන් පත්තර, රූපවාහිනී නාලිකා ගන්න හදනවා

colombotoday

රාජාංගනයේ ගම්මාන 24ක් ලොක්ඩවුන්

colombotoday

දුම්රිය මාර්ගය වසා සිටි රඹුක්කන විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් ප්‍රහාර

colombotoday