Colombo Today Local News

මනුෂ්‍ය ඝාතනයකට සැකපිට ජනක බණ්ඩාර CID අත්අඩංගුවට

janaka-bandara-tennaපාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ පෞද්ගලික රෝහල දී මොහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ. 1999 වසරේ මාතලේ, දඹුල්ගමුව ප‍්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර තවත් අයෙකුට තුවාල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට මෙලෙස ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ පුත‍්‍රයා වන මධ්‍යම පළාත් සභා අමාත්‍ය ප‍්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසුවේ වසර 16 කට පසු අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිය පියා අත්අඩංගුවට ගැනීම පිළිබද පුදුමයට පත්වන බවයි.

හෙතෙම වැඩි දුරටත් පැවසුවේ නඩුවේ භාගයක් අවසන් වී තිබියදී මෙලෙස අත්අඩංගුවට ගැනීම ද්වේශ සහගත ක්‍රියාවක් බවයි.

Related posts

මඩකලපුව කතෝලික දේවස්ථානයෙ ප්‍රහාරයෙන් 25ක් මියගිහින්, 300ක් රෝහලේ

colombotoday

මත්පැන් මිල ඉහළට

colombotoday

රිෂාඩ්ට එරෙහි විල්පත්තු නඩුවේ තීන්දුව ජුලි මස 31 වනදා

colombotoday

ඇමති සහ පරිවාරයන් වන සතුන් ද බය කරමින් යාල කැලේ යකා නටයි

colombotoday

ඡන්දය දා කලබල කළොත් පොලිසියෙන් වෙඩි…

colombotoday

ගෝඨා විත්ති කූඩුවට නංවයි.. සොයුරා වෙනුවෙන් හිටපු ජනපති උසාවියට (VIDEO)

colombotoday