Colombo Today Local News

මන්ත්‍රී දීමනා වැඩි කරන්න විපක්ෂයෙන් යෝජනා

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ගෙවිය යුතු දීමනා සංශෝධනය කරන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී කථානායක මහින්ද යාපා අබේවර්ධනට දැනුම් දී තිබේ.

අධිකරණයේ වැටුප් ප්‍රතිශෝධනවලට අනුකූලව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දීමනාද ප්‍රතිශෝධනය කිරීමේ පිළිවෙතක් පවතින බව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙහි දී පෙන්වා දී ඇත.

පාර්ලිමේන්තු සභාවාරයට පැමිණීම, නිවාස, දුරකතන, ප්‍රවාහන, කාර්යාල යන දීමනා ලෙස රුපියල් ලක්ෂ දෙකක පමණ මුදලක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට මාසිකව හිමි වෙයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දීමනා ප්‍රතිශෝධනය කිරීම සඳහා මෙම කාරක සභා රැස්වීමේ දී අවසන් තීරණයක් ගෙන නොමැත.

Related posts

ඉහළ දැමූ විදුලි ගාස්තුවෙන් සියයට 50ක සහනයක්

Admin

2024 නව පාසල් වාරය පෙබරවාරි ඇරඹෙයි

Admin

රෙදිපිළි-ඖෂධ කර්මාන්තයේ ආයෝජනයට බංග්ලාදේශයට ආරාධනාවක්

colombotoday

මහර තිබූ පෙති ගැන විශේෂඥ වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීමට පියවර

colombotoday

නීතිපතිගේ විරෝධය ප්‍රතික්ෂේපයි. බැසිල් පත්කිරීමට එරෙහි පෙත්සම සංශෝධනයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර

colombotoday

වව්නියාවේ වැව් 415ක් පිටාර ගලයි

Admin