Colombo Today Local News

මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය සැලසුම් කළ වැටලීම් පිළිබඳ තොරතුරු වෙලේ සුදාට ලැබුණු හැටි හෙළි වේ

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් සිදුකිරීමට නියමිත වැටලීම් පිළිබඳ තොරතුරු එහි ඇතැම් නිලධාරීන් විසින් ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ගම්පොළ විදානලාගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා නැමැත්තාට ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වූ බව පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ හිටපු අධ්‍යක්ෂවරයකු මෙන්ම වැඩ තහනමට ලක්ව සිටින නියෝජ්‍ය පොලිස්පතිවරයකු වන නාලක ද සිල්වා මහතා කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

වැලිකඩ සිරකරු ඝාතන නඩුව අද (08)දින ගිහාන් කුලතුංග, ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ මංජුල තිලකරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී විත්තියේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව අනාවරණය කර ඇත.

විත්තියේ නීතිඥවරයා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් සාක්ෂිකරු තමා කෙටි කාලයක් පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ බවත්, එම කාල සීමාවේ පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් සැලසුම් කළ වැටලීම් පිළිබඳ තොරතුරු එම කාර්යාංශයේ ඇතැම් නිලධාරීන් විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන වෙලේ සුදා නැමැත්තාට ලබා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකළ බව පැවසීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම කාර්යාංශය සේවය කළ අරුණ පෙරේරා නමැති පොලිස් කොස්තාපල්වරයකු මෙම නඩුවේ විත්තිකරු ලෙස නම් කර සිටින පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත් බවත් සාක්ෂිකරු පිළිගෙන ඇත.

එම විමර්ශනවලදී පොලිස් කොස්තාපල් අරුණ පෙරේරා සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු වෙලේ සුදා අතර ඇතිවූ සංවාදවලට අදාළ හඬ පට ද සොයාගෙන තිබූ බව සාක්ෂිකාර වැඩ තහනමට ලක්ව සිටින නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

Related posts

තුර්කියේ ඉස්ලාම් ත්‍රස්තයන් ලංකාවේ ජාතයන්තර පාසලක ආයෝජනය කරලා…

colombotoday

ජනපති මෛත්‍රීපාලටත් වඩා මුදල් ඇමති රවී ලොක්කෙක්! – ඕෂධී හේවාමද්දුම

colombotoday

එන්නත් මාත්‍රා දෙකක් ගත් වෛද්‍ය ජයරුවන් බණ්ඩාරට කොවිඩ්

colombotoday

දෙවැනි එක්දින තරගයේ ජය පාකිස්තානයට

colombotoday

සංචාරකයන් කණ්ඩායම් වශයෙන් ලංකාවට ගෙන්වා ගැනීමට සැලසුම්.. එක්සත් ජාතීන්ගෙන් පූර්ණ සහාය.

colombotoday

සමෘද්ධිලාභී හැම පවුලකටම සූර්ය පැනලයක්… රු 3500ක මාසික ආදායමක් සමග ජාතියට විදුලිය

colombotoday