Colombo Today Local News

බෝම්බ සෑදුවේ යැයි සැකපිට 12ක් අල්ලයි… පාකිස්ථානුවන් 9ක්, ඉන්දියානුවන් 3ක් ඒ අතර…

අවිස්සාවේල්ල ප්‍රදේශයේ විදුලි කම්බි නිශ්පාදන කම්හලක සේවය කරන මුවාවෙන් බෝම්බ නිශ්පාදන ක්‍රියාවලියට සම්බන්ධ යැයි සැකකරන සැකකරුවන් 12 දෙනෙක් වැල්ලම්පිටිය ප්‍රෙද්ශයේදි ඊයේ පස්වරුවේ පොලිස් විශේෂ කණ්ඩායමක් මගින් අත් අඩංගුවට ගෙන තිබේ.

පාකිස්තාන් ජාතිකයන් 9 දෙනකු සහ ඉන්දිය ජාතිකයන් 3දෙනකු මෙම පිරිස අතර සිටින බව පොලිසිය පෙන්වා දෙන අතර පොලිසියට ලැබුණ ඔත්තුවක් මත මොවුන් සියලු දෙනා අත් අඩංගුවට ගනු ලැබිණි.

මොවුන් අවස්සාවේල්ල ප්‍රෙද්ශයේ විදුලි වැඩ පළක සේවය කරන බවට පවසා ඇතත් පොලිසිය විසින් සොයා බැලිමේදි එම තොරතුරු අසත්‍ය ඒවා බවට හෙළි වි ඇත. මේ පිරිස ඊයේ පස්වරු 2.45ට පමණ අත් අඩංගුවට ගනු ලැබුණ අතර මොවුන් සියලු දෙනාම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දිමට නියමිතව තිබිණි.

Related posts

ව්‍යවස්ථා සභාවට අභියෝග කරන්න ජනාධිපතිට බලයක් නෑ

Admin

“බෙදුම්වාදී ව්‍යවස්ථාව සම්මතකරන්න හැදුවොත් පාර්ලිමේන්තුව වටලනවා“ ඥාණසාර හිමි

colombotoday

බීඩි කොල වංචාකරු ෆයිසාල් අහමඩ් කරුංකා මගඩියටත් සම්බන්ධයි… පිටුපසින් ප්‍රබල දේශපාලන හස්ථයක්…

colombotoday

65ක් සමග මෝදි එයි.. අගමැති රනිල් ගුවන්තොටේදී පිලිගනී (Photo)

colombotoday

ඉන්දීය යුද හමුදා ප්‍රධානි අද ජනපති හමුවෙයි

colombotoday

දුම්රිය අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට

Admin