Colombo Today Local News

බූස්ස බන්ධනාගාරයෙන් දුරකතන 03ක් සොයා ගනී

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගනයේ රැඳවියන් රඳවා සිටි සිරමැදිරි තුනක සිදු කළ සෝදිසියකදී ජංගම දුරකතන 03ක් සහ අමතර සිම් කාඩ්පත් 04ක් සොයාගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් පිරිසක් විසින් සිදු කළ සෝදිසියකදී අදාළ දුරකතන සහ සිම් කාඩ්පත් සොයාගෙන ඇති බව වාර්තා වේ.

කොස්ගොඩ තාරක, වෙලේසුදා සහ තවත් සැකකරුවන් තිදෙනෙකු රඳවා සිටි සිරමැදිරි තුනක් මෙලෙස සෝදිසි කළ බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය.

එහිදී සිර මැදිරි තුළ සූක්ෂම ලෙස සඟවා තිබූ සිම් කාඩ්පත් දෙකක් දැමිය හැකි ජංගම දුරකතන 03ක්, සිම් කාඩ්පත් 04ක්, අමතර බැටරි 04ක් සහ චාජර් 02ක් සොයාගෙන තිබේ.

Related posts

පලෙයි වෛද්‍යවරයා එකින් එක වමාරයි. පන්නල රක්ෂිතයෙන් ක්ලේමෝ බෝම්බ 03 ක් සොයා ගැනේ

colombotoday

මැරුණු සිංහලයා මුස්ලිම් කරපු BBC මාධ්‍ය ත්‍රස්තවාදය

colombotoday

කොරෝනාවෙන් රට බේරාගන්න මුහුදට බිලිවෙන්න මං සූදානම් – පවිත්‍රාදේවී

colombotoday

නේපාල විදේශ අමාත්‍යවරිය දිවයිනට

Admin

ලන්ඩන් මහ කොමසාරිස් ධුරයට රෝහිත බෝගොල්ලාගම පත් කෙරේ..

Admin

උපාධිධාරීන්ට රැකියා දීමේ වැඩසටහන ඇරැඹෙයි !

colombotoday