Colombo Today Local News

බුදු පිළිම කැඩූ මුස්ලිම් අන්තවාදීන් බෝම්බ හැදුවේ දළදා මාළිගාවට පහරදීමටද?

හෙල බොදු සවිය සංවිධානය විසින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි.

අතිගරු ජනාධිපතිතුමා,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ 10.

අතිගරු ජනාධිපතිතුමනි,

අතින් බුදුපිළිම කැඩූ අන්තවාදී කල්ලිය, අධිබලැති බෝම්බ ගත්තේ දළදා මාළිගයට ගහන්න ද?

පසුගිය දිනයන්හි මාවනැල්ල හා මහනුවර ප්‍රදේශවල බුද්ධ ප්‍රථිමාවලට සිදුකළ හානිය මන්ද මානසකත්වයක් ඇති පුද්ගලයෙකු විසින් සිදුකරන ලදැයි ලඝු කොට සලකනු ලැබූ බව පෙනේ.

එහෙත් දැනට වාර්තා වන අන්දමට පුත්තලම ප්‍රදේශයෙන් හමු වූ අධිබලැති පුපුරණ ද්‍රව්‍යය යොදා බෝම්බ නිෂ්පාදනය කොට ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වටිනාකම්වලින් යුත්  බුද්ධ ප්‍රථිමා ඇතුළු පූජනීය සිද්ධාස්ථාන පුපුරුවා හැරීමට  සංවිධානාත්මක කණ්ඩායමක් මගින් කටයුතු කළේ ද යන්න සැක උපදවන බව පොලිසීය පවසයි.

අතිවිශාල ප්‍රමාණයක් මෙම පුපුරණ ද්‍රව්‍ය පුත්තලම ප්‍රදේශයේ කැලෑබද ප්‍රදේශයක වළදමා තිබිය දී සැකකරුවන් සමග පොලීසිය මගින් අල්ලා ගෙන තිබේ.

මහා වනාන්තරයක් මැද මෙවැනි සංවිධානාත්මක කල්ලියක් ජාත්‍යයන්තර සහාය ඇතිව ද ජාතිවාදී හා ආගම්වාදී ගැටලු නිර්මාණය කොට රට අස්ථාවර කොට කටයුතු කළේ ද යන්න අපට සැක සිතේ. මෙම කණ්ඩායම සුළු කොට තැකිය යුතු නොවේ.

එබැවින් මෙම අපරාධ කල්ලිය පිළිබදව පුලුල් පරීක්ෂණයක් කිරීමට ඔබතුමාගේ අවධානය වහා යොමු කරනු ඇතැයි අපි විශ්වාස කරමු.

අවසානයේ දී දළදා වහන්සේ වැනි පූජනීය සිද්ධස්ථානයක් මොවුනගේ ඉලක්කය වන්නට ද පුලුවන් ය. ආගමික සංහිදියා නාමයෙන් බෞද්ධයා කොටු කර බුද්ධ ශාසනයටත් සංස්කෘතියටත් මහා විනාශයක පෙර නිමිති මෙමගින් පහළ වෙතැයි සැක සිතේ.

ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස නම් කළ ද මෙවැනි අපරාධ ගණයේ ක්‍රියා මගින් වහා ශාසනයට හානි පැමිණිය හැකි බව අපගේ විශ්වාසයයි.

එබැවින් මේ ගැන සුළුවෙන් නොතකා පුළුල් පරීක්ෂණයක් සිදු කොට ආරම්භයේ දීම මෙම අපරාධකරුවන් මර්ධනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිමු.

මෙයට
විශ්වාසී,

බුදුගල ජිනවංස හිමි
සභාපති

Related posts

අනපෙක්ෂිත ව්‍යසනයේ කම්පනය හා සංවේදීතාවය ගැඹුරින් වටහා ගන්නැයි රජය ඉල්ලයි

colombotoday

පිරිමි දරුවෙකුට බරපතල ලිංගික අතවර කළ පුද්ගලයෙක් පොලිස් අත්අඩංගුවට

colombotoday

ගෑස් පිපිරීම් ගැන සෙවූ කමිටුවෙන් කළ අනාවරණය

colombotoday

රනිල් අසනීප වේ.. කොමිසමෙන් නිහඬව පිටව යයි

colombotoday

උදයංග වීරතුංග මෙරටට ගෙන ඒමට උදර්පණ නීතිය හරස් වෙයි…

colombotoday

මෙරටින් පැහැරගෙන ගිය පුරා වස්තු යළි දෙන්නැයි බ්‍රිතාන්‍යයෙන් ඉල්ලයි

colombotoday