හිටපු ඇමති බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට ගෙනැවිත් අගමැති කරවීමේ සූදානමක ආණ්ඩුව සිටින බව සමගි ජන බලවේගයෙන් කළුතර දිස්ත්‍රික්කයට තරග වැද ජයගත් කුමාර වෙල්ගම පවසයි.
20 සංශෝධනය පාර්ලිමේන්තුව ගෙනැවිත් ඒ සඳහා අවශ්‍ය මාර්ගය හදා ගන්නා බවත් තමන් අනාවැකියක් ලෙස අද එය පවසන බවද ඔහු කියා සිටියේ.
මැතිවරණ ජයග්රහණයෙන් පසු පැවති පිළිගැනීමෙ හමුවකින් පසු ජනමාධ්‍ය අමතමින් ඔහු මේ බව පැවසුවේ.