Colombo Today Local News

බාලවයස්කාර දැරියන් අපයෝජනය කළ ටියුෂන් ගුරුවරයාට දෙමාපියන් දුන් දඬුවම

කිරම, රම්මල ප්‍රදේශයේ උපකාරක පන්තියක් සඳහා සහභාගී වු 1 ශ්‍රේණියේ පාසල් දැරියන් සිව්දෙනෙක් අපයෝජනයට ලක්කිරීම සම්බන්ධයෙන් සැකපිට උපකාර පන්ති ගුරුවරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සිසුවියන් පන්තියට සහභාගී වු විට ගුරුවරුයා විසින් අපයෝජනයට ලක්කර ඇති අතර, එම දැරියන් විසින් දෙමව්පියන්ට මේ බව පවසා ඇත.

පසුව ඊයේ (24) දිනයේ දී ගුරුවරයා පන්ති පවත්වන ස්ථානයට පැමිණි දෙමාපියන් ඔහුට පහර දී පසුව කාමරය තුළ සිරකර පුටුවක ගැට ගසා තිබේ.

දරුවන් අපයෝජනයට ලක්කරන අයුරු දැක්වෙන වීඩියෝ කිහිපයක් ද අදාළ ගුරුවරයාගේ දුරකථනයේ තිබී දෙමව්පියන් සොයා ගෙන ඇත.

දෙමාපියන් විසින් වලස්මුල්ල පොලීසියට මේ බව දැන්වීමෙන් අනතුරුව පොලීසිය විසින් ගුරුවරුයා අත්අඩංගුවට ගෙන වලස්මුල්ල රෝහලට ඇතුළත් කර තිබේ.

අපයෝජනයට ලක්වුවායැයි පැවසෙන දැරියන් සිව්දෙනා ද වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමුකර ඇත.

අදාළ සැකකාර උපකාරක පන්ති ගුරුවරයා වයස අවුරුදු 36ක් වන අඟුණුකොළපැලැස්ස, හැළේකඩ ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකි.

ඔහු අද (25)දින වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

තෙල් දෙන්නේ නැත්තන් මන්ත්‍රීවරු හෝටල් ඉල්ලයි

colombotoday

පුද්ගලයෙකුව වෙඩි තබා ඝාතනය කරලා

colombotoday

මැකෝ වෙනුවෙන් පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරය උසාවි එයි

colombotoday

අරලියගහ මන්දිරය ඉදිරිපිට උද්ඝෝෂණයක්

colombotoday

තවත් මැතිවරණ සන්තෝෂමක් ! වාහන සඳහා අය කරන සුඛෝපභෝගී බද්ද ඉවත් කෙරේ !

colombotoday

ජාතික පාසල්වල ගුරුවරුන්ට විශේෂ නිවේදනයක්

colombotoday