Colombo Today Local News

බදියුදීන් හා කාදර් මස්තාන් ගැටෙයි 05ක් රෝහලේ

වව්නියාව සාලම්බකුලම් ප්‍රදේශයේදී හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය වරයෙකු වූ කාදර් මස්තාන් මහතාගේ ආධාරකරුවන් දෙපිරිසක් අතර ඊයේ (27)දින රාත්‍රියේ ඇති වූ ගැටුමකින් පස් දෙනෙකු තුවාල ලබා ඇති බවට පූවර්සන් කුලම් පොලීසිය පවසයි.

සාලම්භ කුලම් ප්‍රදේශයේදී අධාරකරුවන් දෙපිරිස මැතිවරණ ප්‍රචාරක කටයුත්තක යෙදී සිටින අතරවාරයේදී පළමුව බහින්බස්වීමක් සිදුව පසුව එය පහරදීගැනීමක් දක්වා දුරදිග ගොස් ඇත.

අනතුරුව ඒ පිළිබඳව වව්නියාව හා පූවර්සන්කුලම් පොලීසියට දැනුම් දීමෙන් පසුව පොලිසිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් එම ස්ථානයට පැමිණ ගැටුම සමතයකට පත් කොට රැස්ව සිටි පිරිස් විසුරුවා හැරීමට කටයුතු කරන ලදි.

එහිදී දෙපාර්සවයේ ඇති වූ ගැටුම් වලදී හිටපු නියෝජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන්ගේ පාර්සවයේ සිව් දෙනෙකුටද හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ ආධාරකරුවෙකුට තුවාල සිදුව ඇති අතර වාහන කිහිපයකට හානි සිදුව ඇත.

ගැටුම සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර අදාල සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණයක් අරඹා ඇති බවටද පූවර්සන්කුලම් පොලීසිය වැඩි දුරටත් පැවසීය.

-lanka c news

Related posts

ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සැකපිට හමුදා බුද්ධි නිලධාරියෙකු අත්අඩංගුවට !

colombotoday

ශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණය ගැන ‘යුනිසෙෆ්’ ප්‍රකාශය සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රතික්‍ෂේප කරයි.

colombotoday

යතුරුපැදියක් ලොරියක ගැටී 9 හැවිරිදි දරුවෙකු මිය යයි

Admin

ඩයස්පොරාවේ ඉල්ලීම් 10ක් ව්‍යවස්ථා අතුරු කමිටු වාර්තාවේ.. ‘ටැමිල් නෙට්‘ හෙළිකරන සිංගප්පූරු සම්මුතිය මෙන්න

colombotoday

එපා කියද්දී අබාය ඇදන් ඇවිත්… පුත්තලම ප්‍රා.ලේකම් නිලධරයෝ ලෙඩ නිවාඩු දමති

colombotoday

හෙට සිට බුත්තල නගරයත් වහයි

colombotoday