Colombo Today Local News

බදියුදීන්ට එරෙහිව ඒකාබද්ධයෙන් යළිත් විශ්වාසභංගයක්?

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාට නැවත අමාත්‍ය ධුරයක් ලබාදුනහොත් ඒකාබද්ධ විපක්ෂය විසින් අනිවාර්යයෙන් ඔහුට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බවට පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.

ඔහු මේ බව පවසා සිටියේ පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමය ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (29දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්වූ අනෙකුත් මුස්ලිම් මන්ත්‍රීවරුන් පිළිබඳ ගැටලුවක් නොමැති බවත්, එහෙත් පාස්කු ප්‍රහාරය ඇතුළු රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාට එරෙහිව ඇති චෝදනා සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයකින් තොරව ඔහුට අමාත්‍ය ධුරයක් ලබාදීමට ඒකාබද්ධ විපක්ෂය තදින්ම විරුද්ධ බවත් කී උදය ගම්මන්පිල මහතා මාධ්‍ය හමුවේදී පැවැසීය.

කෙසේ වෙතත් ඊයේ (29දා) රාත්‍රියේදී රිෂාඩ් බද්යුදීන් මහතා නැවතත් සිය පැරණි අමාත්‍යධුරයේම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

Related posts

යුධ අපරාධ කළෝ කවරහුද?

colombotoday

කුඩු අංජුගේ සමීපතමයෙක් ගිනි අවියක් සමග අත්අඩංගුවේ

colombotoday

ටෙස්ට් ආකෘතිය වෙනස් කිරීමට මහේල විරුද්ධ වේ.

colombotoday

කිරිපිටි මිල ඉහල දැමීමට සමාගම් අවසර ඉල්ලයි.

colombotoday

1997 ඉන්දුනීසියාවේ අත්හදා බැලූ බටහිර කුමන්ත්‍රණය දැන් ලංකාවේ ක්‍රියාත්මකයි !

colombotoday

යාපනයෙන් ගෙනා ගංජා කිලෝ 5ක් දඹුල්ලේ දී අල්ලයි

Admin