Colombo Today Local News

පොළොන්නරුවේ පුද්ගලයෙකු වෙඩි වැදී රෝහලට

පොළොන්නරුව, සේවාගම ප්‍රදේශයේ පුද්ගලයෙකු වෙඩි වැදීමකින් රෝහල්ගත කර තිබෙනවා.

එම පුද්ගලයාව රෝහල්ගත කළ බවට ලද තොරතුරක් අනුව පොළොන්නරුව පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

එලෙස තුවාල ලබා ඇත්තේ අවුරුදු 46ක් වූ සේවාගම පදිංචිකරුවෙකි.

තුවාලකරු වඳුරන් පැන්නීමට තම බලපත්‍ර සහිත බෝර 12 ගිනිඅවිය රැගෙන ඉඩමේ යමින් සිටිය දී පය පැටලී ගිනිඅවිය ක්‍රියාත්මක වී වෙඩිවැදීම සිදුව ඇති බවට ඔහුගේ බිරිඳ විසින් ප්‍රකාශයක් ලබාදී තිබෙනවා.

තුවාලකරු ව්‍යාපාරික ණය හේතුවෙන් දැඩි මානසික පීඩනයකින් පසුවු බවට අනාවරණය වී ඇති අතර, මේ හේතුවෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කර ගැනීමට උත්සාහ කර ඇති ද යන්න සම්බන්ධයෙන් ද පොලිසිය සැකකරයි.

Related posts

මහනුවර ඇදිරි නීතිය පැය 24කින් දීර්ග කරයි.. සියලු පොලිස් නිලධාරීන් සේවයට කැදවයි..

colombotoday

ඇමති අකිලගේ ගෝලයෝ මිහින්තලේ පුරාවිද්‍යා රක්ෂිතයේ වැඩ

colombotoday

නිවස අසල කඩේට ගිය පහළොස් හැවිරිදි දැරිය අතුරුදන්

Admin

අතුරුදන් කිරීම් වැළැක්වීමේ ජාත්‍යන්තර පනත ක්‍රියාත්මකයි.. කතානායක අත්සන් තබයි

colombotoday

සේවකයාගේ පුද්ගලික අයිතිවාසිකම් ගැන සිතන්න – ස්විස්ටර්ලන්තය ශ්‍රී ලංකා රජයට දන්වයි

colombotoday

කාති උසවිත් එපා. ජමයතුල් උලමා අන්තවාදී සංවිධානයත් තහනම් කල යුතුයි. | මුස්ලිම් දික්කසාද පිලිබඳ වියත් හවුල කියයි.

colombotoday