Colombo Today Local News

පොලිස් ආයතන කිහිපයක තනතුරු මාරුවක්

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 06 දෙනෙකු ඇතුළු පොලිස් නිළධාරින් 11 දෙනෙකු සේවා අවශ්‍යතාව මත වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථානමාරු කර තිබෙන බව වාර්තා විය.

ඒ අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඒ.ආර්.පී.ජේ අල්විස් මහතා පත් කර ඇති බව පොලිස් මුලස්ථානය සදහන් කළේය.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතුකළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩබ්ලිව් තිලකරත්න මහතා ඇමති ආරක්ෂක කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස පත් කර තිබේ.

ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ නව අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ටී.ජී.එන්.ඩබ්ලිව්.ඩී තල්දූව මහතා පත් කර ඇති අතර ඔහු ඊට පෙර කටයුතු කළ බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එච්.සී.ඒ පුෂ්පකුමාර මහතා පත් කර ඇති බව පොලිස් මූලස්ථානය පැවසුවේය.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.ජී.එල් ගීතාල් මහතා නුගේගොඩ කොට්ඨාස භාර තනතුරේ සිට විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස ස්ථාන මාරු කර තිබේ.

ඇමති ආරක්ෂක කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩී.වී.පී. අජිත් හේසිරි මහතා පොලිස් විද්‍යාලයේ අධ්‍යක්ෂවරයා ලෙසපත් කිරිමට ද ජාතික පොලිස් කොමිසමේ සහ මැතිවරණ කොමිසමේ අනුමැතිය හිමිව ඇති බවපොලිස් මූලස්ථානය පැවසීය.

මීට අමතරව තවත් පොලිස් අධිකාරිවරුන් තිදෙනෙකු සහ සහකාරපොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකු ස්ථානමාරු කර තිබේ.

Related posts

නැගෙනහිර ඡන්දයට හිස්බුල්ලා සහරාන් සමග ගිවිසුමක් ගැහුවා – අසාද් සාලි කියයි

colombotoday

“කොරෝනා පැණිය රාජ්‍ය ඔසුසල් හරහා නොමිලේ ලබා දෙනවා” – ධම්මික බණ්ඩාර කියයි

colombotoday

රටපුරා යළිත් සංචරණ සීමා | යුධ හමුදාපතිගේ අලුත්ම නිවේදනය

colombotoday

බැඳුම්කර මගඩියේ පිරිසකගේ වැඩ තහනම්

Admin

“ඉන්දියාවට අමුඩ ලේන්සු වික්කත් අපි ගොඩ..ETCA වාසිය අපටයි“ – එස්.බී

colombotoday

109ට වඩා වියදම් කලොත් දින්නත් පරාදයි

Admin