Colombo Today Local News

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය කඩිනමින් විවෘත කරනවා

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය නැවත කඩිනමින් සෞඛ්‍ය ක්‍රමවේදවලට අනුගත වෙමින් විවෘත කරන බවත් එහි දී තොග වෙළදාම පමණක් පළමුව සිදුකරන්නට අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතින බවත් ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රාකාශ කළේය.

එහි දී පැමිණෙන සියලු වෙළදමහතුන් ලියා පදිංචි කර ගැනීමට කටයුතු කර නව ක්‍රමවේදයක් ඔස්සේ කටයුතු කරන ලෙසත් මුදල් නෝට්ටු භාවිතය වෙනුවට ‘කිව් ආර්’ ක්‍රමය භාවිතා කරමින් ගනුදෙනු කිරීම සදහා ලංකා බැංකුව සමග ඒකාබද්ධ ක්‍රියාවලියක් ආරම්භ කිරීමට කටයුතු කරන ලෙසත් රාජ්‍ය අමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් දුන්නේය.

ධීවර අමාත්‍යංශයේ නිලධාරීන්, සෞඛ්‍ය අමාතංශයේ සහ ආරක්ෂක අංශ නිලධාරීන් සමග පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය නිරීක්ෂණය කිරීමෙන් පසු විජේසේකර මහතා මේ උපදෙස් දුන්නේය.

Related posts

කොරෝනාවෙන් ප්‍රංශයේ මියයන මුස්ලිම් ජාතිකයන් වලලන්න ඉඩදුන් ජනපතිට, බදුර්දීන්ගේ ස්තුතිය

colombotoday

පොහොට්ටුවේ පැකේජය අද එළිදකී !

colombotoday

මංගල උත්සවයේදී මනාලියගේ සොයුරා ඇඳ වැටී මිය යයි

colombotoday

බැසිල් එජාපයේ ප්‍රබලයන් තිදෙනෙකු සමග රහස් සාකච්ඡා !

colombotoday

පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වේ

Admin

ලක්ෂ 10ක ගබ්සා පෙති තොගයක් අත්අඩංගුවට !

colombotoday