Colombo Today Local News

පාසල් විෂය මාළාවට නීති අධ්‍යාපනය ඇතුළත් කරන්න කැබිනට් අනුමැතිය

පාසල් දරුවන්ට නීතිය පිළිබඳව දැනුම ලබාදීමේ අරමුණින් නීති අධ්‍යාපනය පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07දා) පැවැති කැබිනට් හමුවේදී අධිකරණ ඇමැතිනි තලතා අතුකෝරල විසින් ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, මූලික නීතිය වැනි කරුණු පිළිබඳව මෙහිදී පාසල් දරුවන්ට මුල සිටම සරලව පහදාදීම මෙහි අරමුණ වී තිබේ.

මේ තුළින් රට තුළ ජීවත් වීමේදී දෛනිකව ඇති වන ගැටලුවලට මුහුණදීමට දරුවන්ට මහඟු පිටිවහලක් වනු ඇති බව ඇමැතිවරිය කීවාය.

මූලික නීතියට අමතරව දණ්ඩ නීති සංග්‍රහය, අපරාධ නඩු විධිවිධාන සංග්‍රහය පිළිබඳවද කුඩා කාලයේම දැනුමක් ලබා ගැනීමේදී රට තුළ සිදුවන අපරාධ අඩුවීමට ඉඩ ඇති බවද අතුකෝරල අමාත්‍යවරිය කීවාය.


අදාළ විෂය නිර්දේශය පාසල් පෙළපොත්වලට ඇතුළු කිරීමේ කටයුතු අධ්‍යාපන අමාත්‍යාංශය හරහා සිදු කිරීමටද නියමිතය.

Related posts

පාස්කු කොම්සමේ එවුන්ගේ මොළය පරීක්ෂා කළ යුතුයි. විවාදයකට වරෙල්ලා. – කථිකාචාර්ය දිලන්ත විතානගේ

colombotoday

අලුත්ගම නගරයේ තවත් වෙළඳසැල් පහක් වැසේ

colombotoday

වසරක් තුළ මෙරට ආහාර උද්ධමනය දස ගුණයකින් ඉහළට

colombotoday

පස්සර මාර්ගයට ගල් පර්වතයක් පෙරළෙයි

Admin

ගිණුමේ මුදල් සොරාගෙන. දේපලත් වෙන්දේසි කරලා. | හැටන් නැෂනල් බැංකුවෙන් දැඩි අසාධාරණයක්

colombotoday

අල්ලස් අරන් මාට්ටු වූ ලොක්කන් දෙදෙනාට අධිකරණය අද දුන් තීන්දුව

colombotoday