Colombo Today Local News

පාර්ලිමේන්තුවට කුණු පලතුරු.. අල්ලස් ගත් නිලධාරියා රිමාන්ඩ්

රුපියල් 60,000ක අල්ලසක් ලබා ගැනීමේ දී අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු භෝජනාගාරයේ සැපයුම් අංශයට අනුයුක්ත භාණ්ඩ භාරගැනීමේ නිලධාරියෙකු ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළා.

අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගත් කඩුවෙල ප්‍රදේශයේ පදිංචි අංජන මාලිංග නැමැති පුද්ගලයා අද (04)දින අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

අල්ලස් කොමිසම අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තු භෝජනාගාරය සඳහා සැපයුම්කරුවෙකු විසින් සපයනු ලබන පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ පවතින පලතුරු තොග ප්‍රතික්ෂේප නොකොට බාර ගැනීම සඳහා මෙම සැකකරු විසින් මාසිකව අල්ලස් වශයෙන් රුපියල් 30000ක් බැගින් මුදල් ඉල්ලා ඇති බවය.

ඒ අනුව ඊට අදාළව අල්ලස් වශයෙන් රුපියල් 60,000 ක මුදලක් ලබා ගත් අවස්ථාවේ දී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් මෙම සැකකරු අත්අඩංගුවට තිබුණි.

විමර්ශන කටයුතු අවසන් වී නොමැති බවට අල්ලස් කොමිසම විසින් සිදුකළ දැනුම්දීම පිළිගත් මහෙස්ත්‍රාත්වරිය සැකකරු ලබන 17 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළාය.

Related posts

බෞද්ධ හා පාලි සරසවියේ ඉගැන්වීම් කටයුතු Online ක්‍රමයට..

Admin

අවුරුදු හතරක දැරියක් කෘෘරත්වයට පත් කළ පියෙකුට වැඩ වරදී

colombotoday

“ගිය ආණ්ඩුවෙන් ගත්ත ණය ගෙවන්න මේ ආණ්ඩුව ණය ගන්නවා කියන්නේ පට්ටපල් බොරුවක්” – හිටපු ජනපති

colombotoday

නීති විරෝධීව ගෙන ආ චොකලට් සහ ආලේපන තොගයක් වටලයි

colombotoday

අම්පාරේ තවත් දාගැබක් සමතලා කර කුඹුරක් හදලා

colombotoday

ශ්‍රී ලංකාවේ ජනපති බොරු කියන බව රොයිටර් ලෝකෙටම කියයි

colombotoday