Colombo Today Local News

“නීතියට ජිල්මාට් දමා සැකකාරයෝ නිදහස් කරන්න ලෑස්ති වෙන්න එපා” ප්‍රකාශයට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකරගෙන් පැමිණිල්ලක්

කොළඹ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා විසින් නීතිඥ මනෝජ් ගමගේ මහතාට එරෙහිව කොටුව පොලිසියට ඊයේ (29 දා) පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

නීතිඥ සංවිධාන ජාතික එකමුතුවේ සභාපති නීතිඥ මනෝජ් ගමගේ මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී තමන්ට තර්ජනය කළ බව පවසමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

‘නීතියට ජිල්මාට් දමා සැකකාරයෝ නිදහස් කරන්න ලෑස්ති නොවන ලෙසත් ඒවායේ ප්‍රතිඵල ඔබතුමාට අනාගතයේ ජම්පරයක් ඇඳගෙන විඳින්නට සිදුවෙයි කියන අනතුරු ඇඟවීම ඔබතුමාට මතක් කරන්න කැමතියි’ යැයි වෛද්‍ය ෂාෆි ශෙහාබ්ඩීන් සම්බන්ධයෙන් අදහස් දක්වමින් නීතිඥ ගමගේ මහතා විද්‍යුත් නාලිකාවක් හරහා කළ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී තමන්ට තර්ජනය කළ බව පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා එම පැමිණිල්ලේ සඳහන් කර ඇතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

‘කෝටි 90 ක් තිබුණු වෛද්‍ය ෂාෆි ශෙහාබ්ඩීන්ට යහපාලන රජය වුණත් මිලදී ගැනීමට බැරිකමක් නැහැ. ඒ නිසා තමයි මේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ. අපි ශානි අබේසේකර මහත්තයාට කියන්න කැමතියි මේ බලය කියන එක හැමදාම රැඳෙන්නේ නැහැ. ඒ නිසා ඔබතුමා ගන්න ඕනෑම ක්‍රියාමාර්ගයක් නීතියට අනුව ගන්න යැයි ද නීතිඥ සංවිධාන ජාතික එකමුතුවේ සභාපති නීතිඥ මනෝජ් ගමගේ මහතා අදාළ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පවසා තිබිණි.

කොළඹ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතාගේ පැමිණිල්ලට අනුව කොටුව පොලිසිය ඉදිරි විමර්ශන සිදුකරයි.

Related posts

අන්තරේ උද්ඝෝෂණය අරඹයි

colombotoday

සුරාබදු කොමසාරිස්ගේ ගෙදරට බෝම්බ ගහයි !

colombotoday

හිරුණිකාගේ මවගේ නම කැපූ බලවතා මරික්කාර් !!

colombotoday

ජනාධිපති කාර්යාලයේ ඉල්ලීම මත්පැන් සමාගම් ප්‍රතික්ෂේප කරයි

Admin

ICBT කැම්පස් හී හොර මගඩි රැසක් එලියට – පැමිණිලි රැසක් පොලීසියට – සුදුසුකම් නොමැති සේවකයන් – සේවිකාවකට ලිගික අතවර

colombotoday

අගමැති හින්දු සංස්කෘතික අරමුදලට නව සාමාජිකයන් පත්කරයි

colombotoday