Colombo Today Local News

නිදහස් චතුරශ්‍රයේදී සිදුවී තිබු සහෝදරයාගේ මරණය ගැන සැකයක් නැති බව සංජිව අධිකරණයට කියයි

කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී සිය දිවි නසාගෙන තිබූ තම සහෝදරයා වන රජීව් ජයවීර ගේ මරණය ගැන සැකයක් නැති බව ඔහුගේ සහෝදරයා වන සංජීව ජයවීර සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කළේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ පැවති මහේස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි දෙමිනි.

පසුගිය 12 වනදා උදෑසන කොළඹ නිදහස් චතුරශ්‍රයේ ආසන්නයේදී රජීව ජයවීර වෙඩි වැදීම් සහිතව මිය ගොස් තිබියදී පොලිසිය විසින් සොයා ගන්නා ලදී.

ඒ සම්බන්ධයෙන් වූ ප්‍රධාන මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ දිනයේ මහේස්ත්‍රාත් අධිකරණයේ දී පැවැත්විණි.

මිය ගිය පුද්ගලයා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරියකු වන අතර ඔහු ලිපියක්ද ලියා තබා නිදහස් චතුරශ්‍රයට පැමිණ වෙඩි තබාගෙන සිය දිවි නසාගෙන තිබිණි.

Related posts

අකුණුසැර වැදී ගොවීන් තිදෙනෙක් මිය යයි

colombotoday

සන්ධානයේ කවුරුත් පොහොට්ටුවට ගියේ නෑ… සන්ධාන මහලේකම්ගෙන් කථානායකට ලිපියක්

colombotoday

ශ්‍රීනිප යට එරෙහිව වාරණ නියෝගයක්

colombotoday

මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවෙන් එලියට දමයි

colombotoday

පාර්ලිමේන්තුවට යට කරන්නේ ගෙවල් 2000ක සල්ලි – සජිත්

colombotoday

පොලීසිය ශ‍්‍රීලනිපය අතට – සාගල මහ පාරට..?

colombotoday