Colombo Today Local News

නැවත දැනුම්දෙනතුරු සියළුම අධ්‍යාපන චාරිකා අත්හිටුවයි !

සියලු පාසල් අධ්‍යාපන චාරිකා යළි දැනුම් දෙන තුරු අත්හිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

කොරෝනා වෛරසය (කොවිඩ්-19) ආසාදිතයෙකු වූ රෝගියෙකු මෙරටින් හඳුනාගැනීමත් සමඟ ඉදිරියේ දී ඇතිවිය හැකි කවර හෝ අවදානමෙන් ශ්‍රී ලාංකීය දරුවන් ආරක්ෂා කරගැනීම සඳහා අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ උපදෙස් මත අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇත.

මෙම වෛරසය ආසාදිතව ඇති පුද්ගලයා දිවයිනේ ප්‍රදේශ කිහිපයක සංචාරය කර ඇති බව වාර්තා වී ඇති බැවින් ඉදිරියේ දී යොදා තිබෙන ඇති සියලු පාසල් අධ්‍යාපන හා ක්ෂේත්‍ර චාරිකා නතර කරන ලෙස ඒ අනුව, අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දෙනු ලැබේ.

සියලු දෙනාගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබා දී ඇති උපදෙස් නිසියාකාරව පිළිපදින ලෙසද  අවධාරණය කරන අධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ එක්ව  අවශ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ග ගන්නා බව ද වැඩිදුරටත් දන්වා සිටියි.

එසේම පැතිර යන විවිධ කටකතා සහ සාවද්‍ය තොරතුරු පිළිබඳ අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා ලෙසත්, සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධ ව වඩාත් විමසිලිමත් ව හා  සුපරීක්ෂාකාරීව කටයුතු කරන ලෙසත් අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පාසල් ප්‍රජාව වෙත දන්වා සිටියි.

ada derana.lk

Related posts

මහින්ද රාජපක්ෂ තවදුරටත් අග්‍රාමාත්‍ය ලෙස ආණ්ඩුව කරනවා

colombotoday

ෆයිසර් එන්නත ගන්න අලුත් අවස්ථාවක්

colombotoday

හිරුණිකාගේ දේශපාලන මැර බලයෙන් රත්නපුරේ මහා දැව කොල්ලයක්… අක්කර අටදාහක් තුන් ඈවරයි

colombotoday

ආසියාවේ හොඳම මුදල් ඇමති වූ නිසයි මාව ගැලෙව්වේ. – රවී කරුණානායක කියයි

colombotoday

රැකියා කළ හැකි අවම වයස් සීමාව වෙනස් වේ

colombotoday

වැවේ පිටවාන කඩන්නයි කියා පුත්තලම නාගරික මන්ත්‍රීගේ කනට ගහලා

colombotoday