Colombo Today Local News

නව ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු ලංකාවේ දෙමළ ජනතාව අනාරක්‍ෂිතයි.. ආරක්‍ෂාව දෙන්න..- සම්බන්ධන් ඇමරිකාවෙන් ඉල්ලයි

ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට බරපතල හානිදායක වන ව්‍යවස්ථා සංශෝධනයක් රජය ක්‍රියාත්මක කිරීමට සූදානම් වන බව දෙමළ ජාතික සන්ධානය විසින් ඇමරිකා එක්සත් ජනපදයට දැනුම්දී තිබේ.

කොළඹ සිටින ඇමරිකානු තානාපති මුණගැසුනු දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් ඇතුළු නියෝජිතයන් විසින් මේ බව පෙන්වා දී ඇත.

මෙම නව ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව 13 සංශෝධනය අහෝසි වනු ඇති බවට ද සැක මතුවී ඇතැයි ඔහු සඳහන් කර ඇත.

මේ හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ රටවල් විසින් දෙමළ ජනතාවගේ ආරක්ෂාව සලසා දෙන්නැයි ද ඔහු ඉල්ලා තිබේ.

Related posts

FCIDය නීත්‍යානුකූලයි – අධිකරණය තීන්දු කරයි

colombotoday

කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු නවතී.

colombotoday

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය නොදුන්නැයි ජපානයත් කනස්සල්ලෙන්

colombotoday

කොවිඩ් නිව්මොනියාවෙන් කල්මුනේ රෝහලේ වෛද්‍යවරියකගේ මව මියයයි. වංගුවක් ගසා භුමිදානයට අර අඳියි. මිනිය දින 4ක් මෝචරියේ.

colombotoday

කැනඩාවේන් එවූ කෝටි 8 කට අධික කුෂ් රේගුව අල්ලයි

Admin

හෙරොයින් ග්‍රෑම් 45 ක් සමග දෙදෙනෙකු අම්බලන්ගොඩදී අල්ලයි

colombotoday