Colombo Today Local News

ද ෆිනෑන්ස් තැන්පතුකරුවන් සදහා නිවේදනයක්

ද ෆිනෑන්ස් කොම්පැනි පී.එල්.සී. ආයතනයේ තැන්පත්කරුවන් වෙත රුපියල් ලක්ෂ 6ක උපරිමයකට යටත්ව රක්ෂණ වන්දි ගෙවීම 2020 ජූනි මස 07 වන දින ආරම්භ කරන ලද අතර දිවයින පුරා මහජන බැංකු ශාඛා 63ක් මගින් මේ වන විට ගෙවීම් සිදු කෙරෙන බව මහ බැංකුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව පවසන්නේ සැලකිය යුතු තැන්පත්කරුවන් ප්‍රමාණයක් තවමත් තමන්ට හිමි රක්ෂණ වන්දි මුදල් ලබා ගැනීම සඳහා පැමිණ නොමැති බවත් ඔවුන් මහජන බැංකුව වෙත පැමිණ තමන්ට හිමි රක්ෂණ වන්දි මුදල් ලබා ගන්නා ලෙසත් ය.

“ද ෆිනෑන්ස් කොම්පැනි පී.එල්.සී. ආයතනය මගින් තහවුරු කරන ලද තැන්පත්කරුවන් 147,000කට පමණ රක්ෂණ වන්දි ගෙවීම සඳහා අවශ්‍ය මුදල් තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක අරමුදල වෙතින් මේ වන විටත් වෙන් කර දී අවසන් ය”.

ද ෆිනෑන්ස් කොම්පැනි පී.එල්.සී. ආයතනයේ තැන්පත්කරුවන් 19,279ක් මහජන බැංකුව වෙත පැමිණ තමන්ට හිමි රක්ෂණ වන්දි මුදල් ලබා ගෙන ඇති බවත් ඒ වෙනුවෙන් මේ දක්වා වැය වී ඇති මුදල රුපියල් කෝටි 517ක් පමණ බවත් මහ බැංකුව පවසයි.

Related posts

අවසරය අවභාවිතයෙන් “මගුල් පොකුරු” ඇතිවීමේ අවධානමක්

colombotoday

අධිවේගීමාර්ගයන්ට නව නීති රීති

Admin

අලුත් ව්‍යවස්ථා ක්‍රියාවලියට රතන හිමියෝත් එරෙහි වෙති

colombotoday

බදුල්ලේ වැඩිම මනාප නිමල් සිරිපාලට

colombotoday

මියන්මාර් මුස්ලිම් සංක්‍රමණිකයන් පිරිස පිටුවහල් නොකෙරේ ! ලංකාවේ රදවා ගැනීම නියෝග..

colombotoday

හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ ට ජනපති අවසන් ගෞරව දක්වයි

colombotoday