Colombo Today Local News

දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසමට රනිල් ව කැඳවයි

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසම හමුවේ අද (04)දින පෙනී සිටීමට නියමිතව තිබේ.

ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතා පවරා ඇති පැමිණිල්ලක වගඋත්තරකරුවෙකු ලෙස හිටපු අග්‍රාමාත්‍යවරයාට කොමිසම හමුවේ පෙනීසිටින ලෙස නොතිසි නිකුත් කර තිබුණි.

යහපාලන ආණ්ඩුකාලය තුළ ක්‍රියාත්මක වු ජාතික විධායක සභාවේ තීරණයක් හේතුවෙන් තමන් දේශපාලන පළිගැනීම්වලට ලක්වු බව අදාළ පැමිණිල්ලෙන් වෛද්‍ය ජයතිලක පවසයි.

මේ සම්බන්ධයෙන් යහපාලන ආණ්ඩුවේ ආමත්‍යවරුන් 15 දෙනෙකු ද මීට පෙර කොමිසම හමුවේ සාක්ෂී ලබා දී තිබේ.

Related posts

ලෝක ළමා දිනය අදයි

colombotoday

ලිටරය 90 ට දෙන්න ආ ආණ්ඩුව ඉන්ධන මිල ඉහළ දැමීමෙන් පාරිභෝගිකයා කබලෙන් ලිපට!

colombotoday

ක්ලවුඩ් පද්ධතියේ රඳවා තිබූ රජයේ වෙබ් අඩවි රැසක් බිඳ වැටෙයි

colombotoday

පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ සැසියට

colombotoday

ගායන ශිල්පී දමිත් අසංක රිමාන්ඩ්…

colombotoday

නීතිය හා සාමය අමාත්‍යංශය ජනපති යටතේ තබා ගැනීමට තීරණයක්

colombotoday