Colombo Today Local News

දේශපාලන අලකලංචි මැද ආණ්ඩුව සතියක් තුළ මිලියන 14,000ක් ණය වෙයි

සති දෙකක් වැනි කාලයක් තුළ පැවැත්වුණු කැබිනට් අමාත්‍ය මණ්ඩල රැස්වීම් දෙකකදී ආසන්න වශයෙන් රුපියල් මිලියන 14,710ක ණය ලබා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමව තිබේ.

මෙහිදී විවිධ ජලාශ ව්‍යාපෘතීන් සඳහා පමණක් රුපියල් මිලියන 7,425ක ණය ලබා ගැනීමට පසුගිය දෙසතියක කාලය තුළ කැබිනට් අනුමැතිය හිමිව ඇත.

කසළ ප්‍රවාහන රථ ගෙන්වීම සඳහා මිලියන 2,198ක්ද සොයිසා කාන්තා රෝහලේ ළදරු සත්කාර ඒකකය වැඩිදුයුණු කිරීම වෙනුවෙන් මිලියන 5,086ක්ද ණය ලබා ගැනීමට අනුමැතිය ලැබී ඇති අතර අධ්‍යාපන නවීකරණය වෙනුවෙන් රුපියල් මිලියන 15,700ක් ලෝක බැංකුවෙන් ලබා ගැනීමද ඒ අතර වේ.

මෙයට අමතරව තල්පිටිගල ජලාශය ඉදි කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 27,318ක මුදලක් චීනයේ අපනයන ආනයන බැංකුවෙන් ලබා ගැනීමට කටයුතු කර ඇති අතර ව්‍යාපෘතිය සඳහා ඉහත මුදල යොදවා නොතිබියදීත් මහජන බැංකුව මගින් රුපියල් බිලියන 40,097ක මුදලක් ලබා ගැනීමට කටයුතු සැලසුම් කර තිබේ.

2018 වර්ෂයට අදාළව විදේශ ණය ආපසු ගෙවීම සඳහා වසරේ මුල් කාර්තුව තුළ පමණක් ඇමෙරිකානු ඩොලර් මිලියන 732ක මුදලක් අවශ්‍ය බවට ගණන් බලා තිබේ.

ආණ්ඩුව විසින් විවිධ කරුණු යටතේ මෙම ණය ගැනීම්වල අරමුණ ඉහත ණය වාරික පියවා ගැනීම වෙනුවෙන් මුදල් උපයා ගැනීම බව මේ පිළිබඳව අදහස් දක්වන ආර්ථික විශ්ලේෂකයෝ ප්‍රකාශ කර සිටිති.

ලංකා ඉරිදා සංග්‍රහය

Related posts

ඉවසුවා දැන් ඇති.. රතු කට්ටත් පැන ඉවරයි.. මරික්කාර් මහ පෙරළියකට සූදානම් !!

colombotoday

අමාත්‍ය ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගය කතානායකට බාර දෙයි.

colombotoday

රාජ්‍ය ඇමති පොල් ගසකට නැග මාධ්‍ය අමතයි

colombotoday

මහනුවර දුම්රිය නිල නිවසේ අභිරහස් මරණයක් – නියාමකවරු දෙදෙනෙක් අත්අඩංගුවට

Admin

සන්නද්ධ රථ කොළඹ වටේ මුර සංචාරයක

colombotoday

බදුල්ලේ රෝහල් හතරක් සංවර්ධනයට ජනපතිගේ උපදෙස්

Admin