ක්‍රිකට් ක්‍රීඩාවේ අවිනිශ්චිතාවත් අධිෂ්ඨානයේ බලයත් මේ යයි යළිත් වරක් ලොවට කියා දුන් අසේල ගුණරත්න වික්ටෝරියා ප්‍රාන්තයේ සවුත් ගීලෝන්ග් නුවරදී අද (19 වැනිදා) පැවැති දෙවැනි විස්සයි-20 තරගයේ අවසන් පන්දුව හතරේ සීමාවට යවමින් අදහිය නොහැකි ජයක් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙනවිත් දුන්නේය.
ඕස්ට්‍රේලියානු පිල | |||
මයිකල් ක්ලින්ගර් – ඇ. දික්වැල්ල සංජය බණ්ඩාර | 43 | ||
ඒරන් ෆින්ච් – ඇ. සහ ප. සංජය බණ්ඩාර | 12 | ||
බෙන් ඩන්ක් – ප. ගුණරත්න | 32 | ||
මොයිසස් හෙන්රික්ස් – නොදැවී | 56 | ||
ට්‍රැවිස් හෙඩ් – ඇ. දික්වැල්ල ප. කුලසේකර | 4 | ||
ඇෂ්ටන් ටර්නර් – ඇ. සිරිවර්ධන ප. ප්‍රසන්න | 7 | ||
ජේම්ස් ෆෝක්නර් – ක.මු.කළා ප. මාලිංග | 1 | ||
ටිම් පේන් – ක.මු.කළා ප. මාලිංග | 7 | ||
පැට් කමින්ස් – ප. කුලසේකර | 3 | ||
ඇන්ඩෲ ටේ – ක.මු.කළා ප.කුලසේකර | 0 | ||
ජේ රිචඩ්සන් – ප. කුලසේකර | 0 | ||
අතිරේක (ව-3, පා-5) | 8 | ||
එකතුව ඕවර 20 කදී සියලුදෙනා දැවී | 173 | ||
කඩුලු වැටීම | |||
1-18 (ෆින්ච්), 2-63 (ඩන්ක්), 3-113 (ක්ලින්ගර්), 4-121 (හෙඩ්), 5-134 (ටර්නර්), 6-144 (ෆෝක්නර්), 7-162 (පේන්), 8-169 (කමින්ස්), 9-173 (ටේ), 10-173 (රිචඩ්සන්) | |||
පන්දු යැවීම | |||
ලසිත් මාලිංග | 4-0-31-2 | ||
නුවන් කුලසේකර | 4-0-31-4 | ව-2 | |
සංජය බණ්ඩාර | 4-0-32-2 | ව-1 | |
දිල්ෂාන් මුණවීර | 1-0-22-0 | ||
අසේල ගුණරත්න | 3-0-26-1 | ||
සීකුගේ ප්‍රසන්න | 4-0-26-1 | ||
ශ්‍රී ලංකා පිල | |||
නිරෝෂන් දික්වැල්ල – ඇ. පේන් ප. ෆෝක්නර් | 14 | ||
උපුල් තරංග – ඇ. රිචඩ්සන් ප. ටර්නර් | 4 | ||
ඩිල්ෂාන් මුණවීර – ඇ. පේන් ප. ටේ | 10 | ||
කුසල් මෙන්ඩිස් – ඇ. පේන් ප. රිචඩ්සන් | 5 | ||
අසේල ගුණරත්න – නොදැවී | 84 | ||
මිලින්ද සිරිවර්ධන- ඇ. ටර්නර් ප. ටේ | 0 | ||
චාමර කපුගෙදර – ඇ. ඩන්ක් ප. කමින්ස් | 32 | ||
සීකුගේ ප්‍රසන්න – ඇ. හෙඩ් ප. ෆෝක්නර් | 7 | ||
නුවන් කුලසේකර – ඇ. ක්ලින්ගර් ප. ටේ | 12 | ||
ලසිත් මාලිංග – නොදැවී | 1 | ||
අතිරේක (ව-5, පා-2) | 7 | ||
එකතුව ඕවර 20 කදී කඩුලු 8ක් දැවී | 176 | ||
කඩුලු වැටීම | |||
1-5 (තරංග), 2-22 (දික්වැල්ල), 3-27 (මෙන්ඩිස්), 4-40 (මුණවීර), 5-40 (සිරිවර්ධන), 6-92 (කපුගෙදර), 7-119 (ප්‍රසන්න), 8-160 (කුලසේකර) | |||
පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයා | |||
සංජය බණ්ඩාර | |||
පන්දු යැවීම | |||
ඇෂ්ටන් ටර්නර් | 2-0-15-1 | ||
පැට් කමින්ස් | 3-0-28-1 | ව-1 | |
ජේම්ස් ෆෝක්නර් | 4-0-32-2 | ||
ජේ රිචඩ්සන් | 3-0-24-1 | ||
ඇන්ඩෲ ටේ | 4-0-37-3 | ව-1 | |
මොයිසස් හෙන්රික්ස් | 4-0-38-0 | ව-2 |
ඕස්ට්‍රේලියානුවන් පරදවා මෙම තරගයේදී ලබාගත් කඩුලු දෙකක ජයත් සමගින් තරග 3 කින් සමන්විත විස්සයි:20 තරගාවලිය 2-0 ක් ලෙසින් ජයගැනීමට ශ්‍රී ලංකා පිල සමත් වූයේය.
ලකුණු 40 කට කඩුලු 5 ක් බිඳ වැටී ඉතාමත් අසීරු තත්ත්වයක සිටි ශ්‍රී ලංකා කණ්ඩායම තනි අතින් අගාධයෙන් ගොඩගත් කන්ද උඩරට රණකාමියා පන්දු 46 කට මුහුණ දෙමින් ලබාගත් ලකුණු 84 ට හතරේ පහර 6 ක් සහ හයේ පහර 5 ක් ඇතුළත් විය.තරගය
ජයගැනීමට නම් අවසන් ඕවර දෙකේදී පන්දු 12 කින් ලකුණු 36 ක් ලබාගත යුතුව තිබිණ. මෝසස් හෙන්රික්ස් විසින් යවන ලද 19 වැනි ඕවරයේදී හතරේ පහරක් සහ පිට පිටම ගැසූ හයේ පහර 3 කින් ලකුණු 22 ක් උදුරාගැනීමට අසේල ගුණරත්න සමත් වූ නමුත් පිතිකරුවාගේ අන්තය මාරු කරගැනීමට නොහැකි වීමෙන් කුලසේකර අනෙක් අන්තයේ සිරවිය.
අවසන් ඕවරයේදී ලකුණු 14 ක් අවශ්‍යව තිබුණද අනෙක් අන්තයේ සිටි නුවන් කුලසේකර පළමු පන්දුවේදීම දැවී ගියේය. එහෙත් කුලසේකරගේ උඩපන්දුව ඉහළ යන අතරේ පිතිකරුවාගේ අන්තයට පැනගත් මෙම යුද හමුදා පිතිකරුවා ඊළඟ පන්දු දෙකම හතරේ සීමාවෙන් ඉවතට යවමින් ඉලක්කය පන්දු 3 කදී ලකුණු 4 ක් බවට පත්කළේය.
තනි ලකුණු දෙකක් එක්වීමත් සමගම ජයග්‍රහණය සඳහා අවසන් පන්දුවේදී ලකුණු 2 ක් අවශ්‍ය වී තිබිණ. යුද සෙබළෙකුගේ සිත තුළ කිසිදා නොසිඳෙන ධෛර්යය එක්රැස්වෙමින් සිටියදී අවසන් පන්දුවට මුහුණ දුන් අසේල එය හතරේ සීමාවට යැවූයේ මෙම තරගය නැරඹීම සඳහා වික්ටෝරියා ප්‍රාන්තයේ සවුත් ගීලෝන්ග් නුවරට රැස්ව සිටි 1000 කට ආසන්න ශ්‍රී ලාංකිකයන් අමන්දානන්දයට පත්කරමිනි.
අසේල ගුණරත්න පිට පිටම ලබාගත් දෙවැනි විස්සයි:20 අර්ධ ශතකය මෙය විය.
ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් තිදෙනා වන ලසිත් මාලිංග, නුවන් කුලසේකර සහ විකුම් සංජය බණ්ඩාර කඩුලු 8 ක් බෙදාහදා ගත් නමුත් තමන්ගේ ඉලක්කයට ආසන්න වූ ඕස්ට්‍රේලියානුවෝ නියමිත ඕවර සංඛ්‍යාව අවසන් වන විට ලකුණු 173 ක් ලබාගත්හ. නුවන් කුලසේකර අවසන් ඕවරයේදී දවාගත් කඩුලු 3 නිසා ඕස්ට්‍රේලියානු ඉනිමේ කඩුලු 10 ම බිම දමාගැනීමට ශ්‍රී ලංකා පිල සමත් වූ නමුත් ඒ වන විටත් ඕවරයකදී ලකුණු 8.65 ක වේගයක් ඔවුන් ලබාගෙන තිබිණ.
ඕස්ට්‍රේලියානුවන්ගේ මූලික ඉලක්කය වූයේ ලකුණු 180 සීමාවයි. ඒ වෙනුවෙන් කඩුලු කීයක් අහිමි කරගන්නේද යන්න පිළිබඳ ගැටළුවක් ඔවුනට නොතිබිණ. 15 වැනි ඕවරයේදී කඩුලු 7 ක් අතැතිව ලකුණු 120 සීමාව පසුකළ ඕස්ට්‍රේලියානුවන් එතැන් සිට ආක්‍රමණය වැඩි කරමින් ඕවර 5 කදී ලකුණු 48 ක් ලබාගත් අතර දඩුලු දැවී යාමෙන් ඔවුනට හානියක් නොවීය.ශ්‍රී ලංකා පිල වෙනුවෙන් පන්දු යැවීම ආරම්භ කළ ලසිත් මාලිංග පළමු ඕවරය ලකුණු 7 කට සීමාකරගත් නමුත් 2, 4 සහ 6 වැනි ඕවර තුනේදී ලකුණු 10, 12 ක් සහ 22 ක් බැගින් උදුරාගත් ඕස්ටේ්‍රලියානුවෝ 6 වැනි ඕවරය නිමා වන විට ලකුණු 60 ක් ප්‍රධාන ලකුණු පුවරුවට එක් කළහ.ඩිල්ෂාන් මුණවීරගේ එකම ඕවරයෙන් බෙන් ඩන්ක් ලකුණු 22 ක් ලබාගත්තේ 4,0,66,0,6 ක් ලෙසිනි. ඩන්ක්ගේ දැවීයාමෙන් පසුව සෙසු පිතිකරුවන් ලකුණු හඹා යාමේදී දැවී ගිය නමුත් අංක 4 පිතිකරු මෝසස් හෙන්රික්ස් පැත්තකට වී තමන්ගේ කඩුල්ල රැකගනිමින් පන්දු 37 කින් ලබාගත් ලකුණු 56 ට හයේ පහර දෙකක් සහ හතරේ පහර 2 ක් ඇතුළත් කළේය.තරගාවලියේ තුන්වැනි සහ අවසන් තරගය ලබන බදාදා (22 වැනිදා) ඇඩිලේඞ් නුවරදී පැවැත්වේ.








