Colombo Today Local News

දුෂ්කර හා අතිදුෂ්කර පාසල්වල ගුරුවරුන්ට අමතර දීමනාවක් !

දුෂ්කර හා අති දුෂ්කර පාසල්වල සේවය කරන සියලු ගුරුවරුන්ට වැටුපට අමතර ව දීමනාවක් ලබාදීමට ඉදිරියේ දී පියවර ගන්නා බව අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ පෙරේදා (08දා) කෑගල්ලේ පැවති ජනහමුවකට එක්වෙමිනි.

දැනට ශ්‍රී ලංකාවේ සමස්ත ගුරු පද්ධතියෙන් 70%ක පිරිසක් උපාධිධාරී නොවන ගුරුවරුන් බව ද, ප්‍රාථමික ගුරුවරුන්ගෙන් 25%ක් නුපුහුණු ගුරුවරුන් බව ද ඔහු සඳහන් කළේය.

ලෝකයේ දියුණු අධ්‍යාපනයක් සහිත කිසිදු රටක උපාධිධාරීන් නොවන කිසිදු ගුරුවරයෙක් නොමැති බවත්, 2027 වසර වනවිට මෙරට පාසල් පද්ධතිය තුළ සිටින සියලු ගුරුවරුන් උපාධිධාරීන් බවට පත්කිරීමට පියවර ගන්නා බවත් සඳහන් කළේය.

මේ සඳහා ලංකාවේ ගුරුවරුන් වැඩි ම පිරිසක් පාසල් පද්ධතියට බිහිකරන ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 19 ම උපාධි ලබාදෙන ආයතන බවට උසස් කරන බව ද මේ වනවිටත් ඊට අදාළ කැබිනට් තීන්දුව ලබාගෙන ඇති බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

Related posts

සජබේ ඉන්න බුද්ධිමත් මෝඩයෝ මෙන්න

Admin

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල පහළට

Admin

TNA නිදහස සමරන්න ආ එඩ්වඩ් රහසේ හමුවෙයි… ෆෙඩරල් ව්‍යවස්ථාවට උදව් ඉල්ලයි

colombotoday

විමල්ට එරෙහිව අල්ලස් කොමිසමේ නඩු.. කෝටි හතරක් අයථා ලෙස උපයා ඇතැයි චෝදනා

colombotoday

ශ්‍රී ලාංකිකයින් 62ක් කුවේට් රාජ්‍ය‍යෙන් පිටුවහල් කරයි

Admin

ගෝඨාභයට විරුද්දව රනිල් සහ මර්වින් මිනී මැරුම් සාක්‍ෂි හදයි

colombotoday