Colombo Today Local News

තෙවරප්පෙරුම අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදෙයි.. කොමිසමෙන් ලිපිය භාර නොගනි

පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීම සඳහා වන අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වීමට අදාළ ලිපිය එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා විසින් මැතිවරණ කොමිසමට භාරදී තිබේ.

නමුත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කර ඇත්තේ පවතින නීතිය අනුව අපේක්ෂකත්වය ලබා ඇති අයෙකුට ඉන් ඉල්ලා අස් වීමට නොහැකි බවයි. ඒ හේතුවෙන් එම ලිපිය භාර නොගන්නා බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් දැනුම් දී ඇත.

මේ හේතුවෙන් හිටපු මන්ත්‍රීවරයා කියා සිටියේ තමන්ට අපේක්‍ෂකත්වයෙන් ඉල්ලා අස්වීමට නොහැකි නිසා පෙරටත් වඩා වැඩි උනන්දුවකින් මැතිවරණ සටනට මුහුණ දී ජයග්‍රහණය කිරීමට නැවත තීරණය කළ බවයි.

Related posts

ලංකාවෙි ව්‍යාපාර ගොඩනැගීම ගැන මාරි ඇන්ටෝනියා වොන් ෂොන්බර්ග් ගෙන් සහතිකයක්

Admin

බස්නාහිර පළාතේ පැය 24 ක් තුළ සිදු කළ මත්ද්‍රව්‍ය වැටලීම්වලින් පුද්ගලයින් 381 අත්අඩංගුවේ

colombotoday

තවත් ප්ලාස්ටික් නිෂ්පාදන වර්ග 7ක් තහනම් වෙයි

colombotoday

ව්‍යවස්ථා සංශෝධන මගඩියේ කූටප්‍රාප්තිය

colombotoday

ආරුමුගන් තොණ්ඩමන් මහතා අභාවප්‍රාප්ත වෙයි.

colombotoday

රිය අනතුරකින් 19 හැවිරිදි තරුණිය මියයයි

Admin