Colombo Today Local News

තවත් විල්පත්තුවක් කරන්න යන, මාදුරු ඔය රක්ෂිතයේ වන සංහාරය. (VIDEO)

විල්පතු වන සංහාරයට දෙවැනි නොවන අයුරින් තවත් මහා වන සංහාරයක් මාදුරු ඔය රක්ෂිතයේ සිදුකෙරෙන බව වාර්තා වෙනවා.

මේ වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් හෙක්ටයාර පනස් අට ලක්ෂ අසූ හතරදහස් නවසිය නවයක (5,884, 909) භූමි ප්‍රමාණයකට හිමිකම් කියන මාදුරු ඔය රක්ෂිතයයි.

බලපත්‍රයක් නොමැතිව මෙම රක්ෂිතයට ඇතුළු වීම , කැළෑ එළි කිරීම , ගිනි තැබීම , සතුන් දඩයම් කිරීම , පතල් හැරීම හා වගා කිරීම සපුරා තහනම්.

එවන් පසුබිමක ජනාධිපිතිවරයාගේ උපදෙස් මත පුරන් කුඹුරු අස්වැද්දීමේ වැඩසටහන යටතේ ගොවැතැන් කිරීමට බව පවසමින් ජනාධිපතිවරයාගේද නම අවභාවික කරමින් මෙම රක්ෂිතයේ මහා වන සංහාරයක් සිදුකරන බවට අද දෙරණ උකුස්සාට තොරතුරු අනාවරණ විය.

ඒ අනුව උකුස්සා එම ප්‍රදේශයේ සිදුකළ ගවේෂණයේදී දැකගත ගතහැකිවුණේ පලු , වීර , කළුවර වැනි දැවැන් ගස් සිත්පිත් නැති මිනිසුන් කිසිඳු වග විභාගයකින් තොරව බිම හෙළා තිබෙන අකාරයයි.

එමෙන්ම පුරා වස්තුද බහුල මෙම භූමියෙහි ගල් කණු සහා පුරාවස්තු කැලෑ පාලුවන් විසින් විනාශ කරන තිබෙන අයුරුද එහිදී උකුස්සාට දැකගත හැකි විය.

මේවන විටත් අක්කර 1000ක් පමණ විනාශ කර ඇති මාදුරු ඔය රක්ෂිතයේ සිදු කළ ගවේෂණයේදී උකුස්සාට තවදුරටත් දැකගත හැකිවුණේ අලි මිනිස් ගැටුමට ද මංපාදමින් කැලෑ පාලූවන් විසින් කන්දේගම සිට බෝඅත්ත දක්වා ඉදිකර තිබූ අලි වැට විනාශ කර කැළය තුළ සඟවා තිබෙන අකාරයයි.

මේ අතරතුර මෙම කැලෑ පාලුවන් විසින් ජේ.සී.බී. යන්ත්‍ර යොදාගනිමින් රක්ෂිත භූමිය තුළ රෑස්ස ගස් පෙරළමින් වනය හෙළි කරන අයුරුත් එහිදී උකුස්සාගේ නෙත ගැටුණේය.

විල්පත්තු වන සංහාරයට නොදෙවෙනි ලෙස ජනාධිපතිවරයාගේද නම අවභාවිත කරමින් මාදුරු ඔය රක්ෂිතයේ සිදුකෙරෙන මේ මහ වන විනාශය සම්බන්ධයෙන් නිද්‍රාශීලී පිළිවෙතක් අනුගමනය කරන බලධාරීන්.

Related posts

කැබිනට් අමාත්‍යාංශ නව ලේකම්වරුන් ජනපති ලේකම් හමුවෙයි

Admin

ජාතික ආණ්ඩු එළ හරකයි මී හරකයි එකට යන්න බෑ කියයි – Photos

colombotoday

STF 39 වන රණවිරු ගුණ සැමරුම අද

Admin

වැඩ බැරිද? ගුරුසේවා සංගමය අධ්‍යාපන ඇමතිගෙන් අසයි

colombotoday

ඉස්ලාම්කරණයට එරෙහිව කාදිනල්ගේ ඌරු න්‍යාය අති සාර්ථකයි!

colombotoday

පක්ෂය කරගෙන ඉන්න කියා, බැසිල්ව අමාත්‍යධූරයෙන් ඉවත්කළා. – ගෝඨාභය කී දේවල් පොහොට්ටුව හෙළිකරයි

colombotoday