Colombo Today Local News

තවත් යුද අපරාද චෝදනාවක්… ලංකා රජයෙන් සම අනුග්‍රහය

ශ‍්‍රී ලංකා හමුදාවට යුද අපරාධ චෝදනා එල්ලවන අලූත්ම ජිනීවා යෝජනාවට සම අනුග‍්‍රහය ලබාදීමට ශ‍්‍රී ලංකාව තීරණය කර ඇත.

මේ යෝජනාවට අදාළ සාකච්ඡුාවක් අද (05 දා* මානව හිමිකම් කවුන්සිලයේදී සාකච්ඡුා වේ. බි‍්‍රතාන්‍යය ප‍්‍රමුඛ රටවල් පහක් විසින් ගෙන එන මෙම යෝජනාව මාර්තු 07 දා ජිනීවා මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කෙරේ.

වගවීමේ කි‍්‍රයාවලිය සහ සංහිඳියාව නමින් නම්කර ඇති මෙම යෝජනාව ඉදිරිපත් කරන රටවල් අතර කැනඩාව, ජර්මනිය, මොන්ටිනියුරෝව සහ මැසිඩෝනියාවද සිටී.

මෙම සියලූම රටවල් යුද අපරාධ කර ඇති බවට චෝදනා එල්ල වී ඇත. ජිනීවා යෝජනාවට සම අනුග‍්‍රහය ලබාදීමෙන් වළකින ලෙස ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා විදේශ කටයුතු බලධාරීන්ගෙන් ඉල්ලා තිබිණි. එහෙත් එම ඉල්ලීම ඉටුවී නැත.

ශ‍්‍රී ලංකාව අලූත් ජිනීවා යෝජනාවට මෙවරද සම අනුග‍්‍රහය ලබාදෙන බව බි‍්‍රතාන්‍ය රජය මුලින්ම අනාවරණය කර තිබිණි.

කීර්ති වර්ණකුලසූරිය

Related posts

අගමැති ඉල්ලා අස්වෙයි

Admin

සෞඛ්‍ය බලධාරීන්ගේ මාර්ගෝපදේශ අනුව කඩිනමින් මැතිවරණය පැවැත්වීමට කොමිසම සූදානම්

colombotoday

හර්ෂ අනුරට සුබ පතයි

Admin

පළාත් දෙකකට ප්‍රධාන ලේකම්වරු පත් කරයි

Admin

බඩු මිල වැඩි වුනාට ජනතාව ආණ්ඩුවට බනින්නේ නෑ

Admin

සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය එක් විය යුතයි.. – හේෂා විතානගේ

colombotoday