Colombo Today Local News

ඥානසාර හිමිට විරුද්ධව හෙළ උරුමය දෙමල සන්ධානය සහ හූල් එකතුවෙයි සරත් මනමේන්ද්‍ර සිංහලයා වෙනුවෙන් තනි සටනක් දෙයි

ජනාධිපතිවරණ අපේක්ෂක නියෝජිතයන් සහ ජනාධිපති කොමිෂන් සභාවේ නිලධාරීන් අතර ඊයේ(6) මැතිවරණ ලේකම් කාර්යාලයේ පැවති සකඡ්ඡාවකදී ගුරුකන්ද රජමහා විහාරාධිපති කොළඹ මෙධාලන්කාරකිත්ති හිමිගේ ආදාහනය පිළිබඳව ඇතිවූ කතාබහක් දුරදිග යාමෙන් මහා කාලගෝට්ටියක් ඇතිවී තිබෙනවා.

ජාතික හෙළ උරුමය නියෝජනය කරමින් පැමිණි නිශාන්ත ශ්‍රී වර්ණසිංහ අදහස් දක්වමින් ගුරුකන්ද සිද්ධිය පදනම් කරගනිමින් ඥානසාර හිමිට විරුද්ධව ගොනු කර ඇති නඩුව 8 වනදා විභාගයට ගැනීමට නියමිතව ඇති බවත් ඥානසාර හිමි හිතාමතා අධිකරණය මගහැර වරෙන්තු නිකුත් කිරීමෙන් පසු අත්අඩංගුවට පත්වී එහි වාසිය එක් අපේක්ෂකයෙකුට ගෙනදීමට සුදානමක් පවතින බවත් එනිසා එම නඩුව මැතිවරණයෙන් පසුව විභාගයට ගන්නා ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටින ලෙසට මැතිවරණ කොමිසමෙන් ඉල්ලා ඇත. ඒ සඳහා කොමිසමට බලයක් නොමැති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා දන්වා ඇත.

ඉන් පසුව අදහස් දක්වා ඇති දෙමල ජාතික සන්ධානයේ නියෝජිත සුමන්තිරන් එම නඩුව අභියාචනාධිකරණයේ ගොනු කර ඇත්තේ තමා බැවින් මෙම නඩුව සලකා බැලීම සඳහා මැතිවරණයෙන් පසු දිනයක් ඉල්ලා සිටීමේ හැකියාව තමාට තිබෙන බවත් සඳහන් කර ඇත.

මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු වන හූල් මහතා විසින් ගුරුකන්ද නාහිමි ආදාහනය කිරීම සම්බන්ධයෙන් ඥානසාර හිමි අත්අඩංගුවට ගෙන නැති බව පවසමින් ඥානසාර හිමි සහ පොලීසිය දැඩි ලෙස විවේචනය කිරීමත් සමගම නැගී සිට ඇති ජනාධිපති අපේක්ෂක සරත් මනමේන්ද්‍ර ඊට විරුද්ධව අදහස් දක්වමින් ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට පෙර ගුරුකන්ද නාහිමි දේහයට ගල්ගැසූ, පොලිසියට ගක්ගැසූ පුද්ගලයන් අත්අඩංගුවට ගතයුතු බවත් පවසමින් අදහස් දැක්වීමත් සමගම මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මැදිහත් වී තත්වය සමතයකට පත්කර ඇත.

සිද්ධියෙන් පසු මාධ්‍යයට අදහස් දැක්වූ සරත් මනමේන්ද්‍ර මහතා

Related posts

රියදුරු බලපත්‍ර අලුත්කිරීමේ කාලය දීර්ඝ කරයි.

colombotoday

කන්දකාඩුවලින් පැනගිය රැඳවියන් 232ක් පොලිස් භාරයට

colombotoday

2014 දී දකුණු ආසියාවෙන්ම එක.. දැන් තුන.. සියළුම සංවර්ධන දර්ශකවලින් ලංකාව පහළට !

colombotoday

බම්බලපිටියේ වෙඩි තැබීම ගැන මුදල් රාජ්‍ය ඇමති කඩිනම් වාර්තාවක් ඉල්ලයි

Admin

පහරදීමකින් සිංහල තරුණයෙකු මිය යෑමත් සමග තෙල්දෙණිය නොසන්සුන්.. පොලිස් කැරළි මර්ධනය කැදවයි

colombotoday

ප්‍රජා ශාලාවක සිවිලිමේ ලක්ෂ 60ක කුඩු සඟවලා

Admin