Colombo Today Local News

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 8ක් ගැසට් කෙරේ

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 8ක් අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 7 සහ ජාතික ජන බල වේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය මැතිවරණ කොමිශන් සභාවේ සාමාජිකයින් තිදෙනාගේ අත්සනින් යුතුව ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන් වේ.

ඒ අනුව, රංජිත් මද්දුමබණ්ඩාර, තිස්ස අත්තනායක, ඉමිතියාස් බාකිර් මාකර්, ඉරාන් වික්‍රමරත්න, හරීන් ප්‍රනාන්දු, මයන්ත දිසානායක සහ ඩයනා ගමගේ යන මහත්ම මහත්මීන්ගේ නම් සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා ප්‍රකාශයට පත් කර තිබේ.

ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා ගැසට් කර ඇති බව සඳහන් වේ.

කෙසේවෙතත් එක්සත් ජාතික පක්ෂය සිය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය මේ දක්වාත් ප්‍රකාශයට පත් කර නැත.

අපේ ජන බල පක්ෂය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා නමක් යෝජනා කර මැතිවරණ කොමිසමට දැනුම් දී ඇතත් එහි පවතින ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන් එය මේ දක්වාත් ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර නොමැති බව එම කොමිසම සඳහන් කළේය.

මෙවර මහ මැතිවරණයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර නම් කිරීම සඳහා ලබා දී තිබූ කාලය ඊයේ (14) දිනයෙන් අවසන් විය.

Related posts

රේල්පා‍රේ නින්ද ගිය දෙදරු පියා දුම්රියට බිලිවෙයි

Admin

ඡන්දෙදි පොරොන්දු වුණාට දැන් Free Wi-Fi දෙන්න බෑ…

colombotoday

අවුරුදු අස්සේ රනිල්ගෙන් රතු එළියක්! රැකියා ලක්ෂයක් අවදානමේ?

Admin

“හිටපු ජනපතිතුමාගේ දරුවා හිරේ යැවීම ජයග්‍රහණයක් නොවේ” – හරීන්

colombotoday

පාර්ලිමේන්තුවේ විග්නේෂ්වරන්ගේ පලමු කතාවෙන්ම ජාතිවාදී ගිනි අවුලයි. ඥානසාර හිමි නොමැති අඩුව දැනෙයි.

colombotoday

ඒවා ගනන් ගන්න ඕන දේවල් නෙමෙයි

Admin