Colombo Today Local News

ජනපති මෛත්‍රිගෙන් පාරිභෝගිකයාට කිසිදු සෙතක් නෑ. – පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරය


2015 වසරේ සිට මෙරට ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන වර්තමාන ජනාධිපතිවරයාගෙන් මෙරට පාරිභෝගිකයාට කිසිදු සෙතක් සැලසුනේ නැති බව කණගාටුවෙන් වුවද පැවසිය යුතුව ඇති බව පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.
එම සංවිධානයේ සභාපති රංජිත් විතානගේ විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

“භාණ්ඩ මිල පාලනය කිරීම,ගුණාත්මක භාණ්ඩ සැපයීම සම්බන්ධයෙන් නියෝග පමණක් නිකුත් කළද ඒවා නියෝග වලට පමණක් සීමාවී තිබේ. තවද මතට තිත සංකල්පය පුස්සක් බවට පත් කරමින් පාසැල් අවට පවා සුරාසැල් විවෘත කර තිබුනද ජනාධිපති කාර්යය සාධක බලකාය සුව නින්දේය.”

“ගොවි මහතෙකුගේ පුතකු වන ජනාධිපතිවරයා මෙරට ජනතාවට තුන් වේලම බත් කෑමට පවා අවස්ථාවක් සලසා නැත. තවම මෙරට විශාල සහල් සහල් මාෆියාවක් ක්‍රියාත්මක වේ.”

“ජොකියන් මාරුකරමින් ගමනක් යාමට සැරසෙන ජනාධිපතිවරයාට අප පැහැදිලිව කියන්නේ මෙරට පාරිභෝගිකයන්ට දැනෙන සහනයක් සැලසීමට කටයුතු නොකලහොත් ජොකියන් මාරැකලාට ඵලක් නොමැති බවයි.
වැඩකුත් නැති හානියකුත් නැති අයට ගමේ භාෂාවෙන් කියන්නේ පතෝල යන් කියාය. ඒ පතෝලවල ගුණයක් හෝ අගුණයක් නොමැති බව ගැමියන්ගේ අදහසවන නිසාය. එය එසේම නම් පතෝලයන්ගෙන් රටට වැඩක් නැත. පාරිභෝගිකයින්ට වැඩක් නැත.”

“ජනාධිපතිතුමනි දැන්වත් පාරිභෝගිකයින්ට දැනෙන ලෙස සහන සැලසීමට කටයුතු කරන්න.”

Related posts

රුසියානු විරෝධී චිත්‍ර ප්‍රදර්ශනයක් කොළඹ

Admin

ඇෆ්ගනිස්ථානයෙන් ශ්‍රී ලාංකිකයින් ඉවත් කර ගන්න පාකිස්තානයේ සහය

colombotoday

2010 ෆොන්සේකාට ජන්දය දෙන්න පුලුවන්නම් ගෝඨාභයට දෙන්න බැරි ඇයි – කරුණා අම්මාන් දෙමල සන්දානයෙන් අසයි

colombotoday

රත්නපුරේදී රිය අනතුරක්

Admin

අමරපුර රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව 20 සංශෝධනයට විරුද්ද වේ.. තදබල නිවේදනයක්

colombotoday

පොදු ස්ථාන ජීවානුහරණය කිරීම ඇරඹෙයි !

colombotoday