Colombo Today Local News

ජනපති නියමයෙන් අඩු පහසුකම් සහිත විහාරස්ථාන සංවර්ධනයට රුපියල් මිලියන 195 ක්

ශ‍්‍රී ලංකාවේ දුර බැහැර ප‍්‍රදේශවල, අඩු පහසුකම් සහිත විහාරස්ථානයන්හි සංවර්ධනය වෙනුවෙන් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ මගපෙන්වීමෙන් ජනාධිපති කාර්යාලය යටතේ කි‍්‍රයාත්මක වන බෞද්ධ පුනරුද අරමුදල යටතේ විහාරස්ථාන සඳහා මුල්‍යාධාර පිරිනැමීම ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (21) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

විහාරස්ථාන 46 ක් වෙනුවෙන් රුපියල් මිලියන 195 ක මුදලක් මෙහිදී පිරුනැමුණු අතර විහාරාධිපති ස්වාමින්වහන්සේලා වෙත අදාළ චෙක්පත් පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදු විය.

ජනාධිපතිතුමාගේ සංකල්පයක් මත බෞද්ධ පුනරුද අරමුදල 2016 වසරේ දී ආරම්භ කෙරුණු අතර 2016 වසරේ රුපියල් මිලියන 116 ක් ද, 2017 වසරේ රුපියල් මිලියන 167 ක් ද, ඒ යටතේ ප‍්‍රදානය කර තිබේ.

බෞද්ධ පුනරුද අරමුදල යටතේ අඩු පහසුකම් සහිත විහාරස්ථාන විශාල ප‍්‍රමාණයක සංවර්ධන කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින අතර, ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ති‍්‍රවිධ හමුදාවේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු සහාය සහ ශ‍්‍රම දායකත්වය එම කටයුතු සඳහා ලබාදීම සිදු කෙරෙයි.

ඉඩම් පිළිබඳ ගැටලු ඇති ඇතැම් විහාරස්ථාන සඳහා පූජා ඔප්පු පිරිනැමීමෙන් එම ගැටලු නිරවුල් කිරීමට ද ගරු ජනාධිපතිතුමාගේ මැදිහත්වීමෙන් මේ වන විට පියවර ගෙන තිබේ.

අමරපුර සිරිසද්ධම්මවංස මහා නිකායේ අතිපූජ්‍ය මහානායක අහුන්ගල්ලේ සිරි සීලවිසුද්ධි මහානායක ස්වාමින් වහන්සේ, නැගෙනහිර පලාත හා තමන්කඩුව යන දෙපලාතේ අස්ගිරි පාර්ශ්වයේ ප‍්‍රධාන සංඝනායක පූජ්‍ය මකුරුපේ ශී‍්‍ර ධර්මකීර්ති ඉන්ද්‍රජෝති පඤ්ඤාසේකරාභිධාන නායක ස්වාමින් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටියහ.

Related posts

පොලිස් කොමිසමේ සභාපති ඉල්ලා අස්වෙයි

colombotoday

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද රැස්වෙයි | පැෆ්රල් සංවිධානයත් කැදවයි

colombotoday

මන්ත්‍රීවරුන්ගේ තොරතුරු 20 පෙර ලබා දෙන්නැයි පාර්ලිමේන්තු මහ ලේකම් ඉල්ලයි

colombotoday

දියතලාව ගුවන් හමුදා කදවුරේ පිපිරීමක්…

colombotoday

වසර දෙකහමාර තුළ 31,000කට ද්විත්ව පුරවැසිභාවය !

colombotoday

“සහජීවනය ගැන අපට අමුතුවෙන් කියල දෙන්න ඕන නෑ“ – අස්ගිරි මල්වතු මහා නාහිමිවරු අල් හුසේන්ට කියයි

colombotoday